
ඩෙන්මාර්කයේ ෆෙඩ්‍රික් රජු සහ මේරි රැජිනගේ බාල පුතු වින්සොන් සහ දියණිය ජොසපීන් 14 වැනි උපන් දිනය සැමරූහ.
ඩෙන්මාර්ක රජ මාලිගය, වින්සොන් කුමරුන්ගේ සහ ජොසපීන් කුමරියගේ නිල ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළ පළමු අවස්ථාව මෙය බව පැවැසෙයි.
ෆෙඩ්‍රික් රජු සහ රැජිනට දරුවෝ සිවු දෙනෙකි. වින්සොන් සහ ජොසපීන් නිවුන් දරුවන් වන අතර, ඔවුන් උපත ලැබුවේ 2011 ජනවාරි 8 වැනිදා එරට වේලාවෙන් පෙරවරු 10.30 ටය.
වින්සොන් සහ ජොසපීන් දෙදෙනාගේ ඡායාරූපවලට අමතරව, රජ පවුලේ සියලු සාමාජිකයන් සිටින මීට පෙර ප්‍රසිද්ධියට පත් නොවුණු ඡායාරූප පෙළෙක් ද ඩෙන්මාර්ක රජ මාලිගය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.
(ඩේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd