
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, යුරෝපයටත්, මැදපෙරදිග කලාපයටත් බරපතල තර්ජනයක් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ආපසු හැරවීමට නොහැකි අයුරින්, තර්ජනයක් දක්වා ඔඩුදුවා ඇති බවය.
මැදපෙරදිග කලාපයේ අර්බුද ඇති කිරීමට ඉරානය සමත් වී ඇති බවත්, ඉරානයේ සහාය ලබන ඉස්ලාමීය සටන්කාමීන් මැදපෙරදිග අස්ථාවර කරන බවටත් ප්‍රංශ ජනාධිපතිවරයා චෝදනා නගා ඇත. ඊට අමතරව, රුසියන් යුක්රේන යුද්ධයේ දී, ඉරානය රුසියාවට සහාය දැක්වීම ද මැක්රොන්ගේ විවේචනයට හේතුවක් විය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd