
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයට අයත් ලොස් ඇන්ජලීස් නුවර ද අයත් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ දරුනු ලෙස ළැව් ගිනි පැතිරෙයි. ළැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.
ළැව් ගිනි හේතුවෙන් 30,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.
මේ වනවිට අක්කර 1,200 ක ප්‍රමාණයක් පුරා ළැව් ගිනි පැතිරෙමින් පවතී. ලොස් ඇන්ජලීස් ගිනි නිවන හමුදාපති ක්‍රිස්ටින් ක්‍රොව්ලි පැවැසුවේ, නිවාස සහ ගොඩනැගිලි 13,000 ක් ළැව් ගිනිවලින් විනාශ වී ඇති බවය.
ළැව් ගිනි ආරම්භ වූයේ පෙරේදා (6) දිනයේය. වියලි කාලගුණය සහ වියලි සුළං ළැව් ගිනි වේගයෙන් පැතිර යෑමට හේතුවක් වී ඇත
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd