IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කාම්බෝජ මන්ත්‍රීවරයෙක් තායිලන්තයේදී මරා දැමේ

කාම්බෝජයේ ප්‍රධාන පෙළේ විපක්ෂ මන්ත්‍රීවරයකු තායිලන්තයේ බැංකොක් අගනුවරදී ඝාතනය විය. ඝාතනය වූයේ 73 හැවිරිදි ලිම් කිම්යාය.

කිම්යා සහ බිරිඳ වන්දනා නඩයක් ද සමඟ බස් රියකින් බැංකොක් අගනුවරට පැමිණ ඇත. කාම්බෝජය සහ තායිලන්තය අසල්වැසි රටවල්ය. 

කිම්යා සහ බිරිඳ බැංකොක් අගනුවර පන්සලක් වන්දනාමාන කිරීමට ගොස් සිටිද්දී, පන්සල් භූමියේ දී වෙඩි ප්‍රහාරයකට ලක් විය. වෙඩි ප්‍රහාරය එල්ල කළේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු බව පොලිසිය පසුව අනාවරණය කළේය. 

වෙඩික්කරු ලිම් කිම්යාගේ පපුවට වෙඩි තබා පලා ගිය අතර, ඔහු සොයා මෙහෙයුම් ආරම්භ විය. වෙඩි ප්‍රහාරයට ලක් වුණු මන්ත්‍රීවරයා කඩිනමින් රෝහල්ගත කළ නමුත් ඔහු බේරා ගැනීමට හැකිවූයේ නැත.

කිම්යා නියෝජනය කරන ‘සී.එන්.ආර්.පී’ විපක්ෂ දේශපාලන පක්ෂය, කාම්බෝජයේ තහනමට ලක් කෙරුණු පක්ෂයකි.

මෙම පක්ෂයේ සාමාජිකයෝ, කාම්බෝජ රජයේ මර්දනයට ලක් වෙති. ‘සී.එන්.ආර්.පී’ විපක්ෂ පවසන්නේ, කාම්බෝජ රජය මෙම ඝාතනය පසුපස සිටින බවය. මෙම ඝාතනය දේශපාලන කුමන්ත්‍රණයක් බව සැක කරමින් පොලිස් විමර්ශන ආරම්භ කළ බව තායිලන්ත පොලිසිය ද පවසා තිබේ. 

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

කාම්බෝජ මන්ත්‍රීවරයෙක් තායිලන්තයේදී මරා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site