IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ඇමෙරිකාව සමඟ ගැටෙන්න සූදානම් නෑ

ඇමෙරිකාව සමඟ හෝ ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හෝ ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින බවත්, ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ් පවසා ඇත.

ග්‍රීන්ලන්ත අගමැතිවරයා මෙසේ පැවැසුවේ, ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ කතාබහක් නිර්මාණය වී ඇති අවස්ථාවකය. යළිත් වරක්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට අවශ්‍ය බවත්, ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට තමන් සූදානම් බවත්ය.

ග්‍රීන්ලන්තය යනු ලොව විශාගතම දූපතය. එය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකාව සහ යුරෝපය මධ්‍යයේය. ට්‍රම්ප් පෙන්වා දෙන්නේ, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය බවය. 

ග්‍රීන්ලන්තය ස්වයං පාලනයක් ඇති දූපතක් වුවත්, එය අයිති ඩෙන්මාර්කයටය. ට්‍රම්ප් දිගින් දිගටම ග්‍රීන්ලන්තය මිලදී ගන්න බව පැවැසීම ඩෙන්මාර්කයේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ්, තරයේ පවසා ඇත්තේ, ග්‍රීන්ලන්තය විකිණීමට දමා නැති බවත්, ග්‍රීන්ලන්තය ගැන තීන්දු තීරණ ගන්නේ ග්‍රීන්ලන්ත වැසියන් බවත්ය. 

කෙසේ නමුත් ආරක්ෂක කටයුතුවලදීත්, පතල් කැණීම් සම්බන්ධ කටයුතුවලදීත් ඇමෙරිකාව සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කරන බව ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ්, පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

ඇමෙරිකාව සමඟ ගැටෙන්න සූදානම් නෑ

fairoos Tuesday, 14 January 2025 11:51 AM

ට්‍රම්ප් ට ඕනේ නැති මගුලක් නැහැ

:       11       24

ජිල්බු Tuesday, 14 January 2025 11:04 PM

ට්‍රම්ප්ට කලින් මගුල් දෙකක් විතර මුලින් ඕන වෙලා පස්සෙ එපා උනා. මේ තුන්වෙනි එකද කොහෙද. මේකත් ඕන නැති මගුලක් වෙයිද දන්නෑ, පයිරූස්!

:       0       4

තුෂාර Tuesday, 14 January 2025 05:10 PM

ලංකාවට ආස නැද්ද ට්‍රම්ප්?

:       2       29

Alfread Wednesday, 15 January 2025 12:45 PM

ලංකාවට ආස නිසා තමයි රටේ ආර්ථිකය විනාශ කරවලා, අරගලයක් කරලා, ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට හිටපු නායකයා එලවලා, පචපති සෙට් එකක් ගෙනාවෙ. හිතන්න එපා උන් ලංකාවේ බලය ගත්තොත් ලංකාව උන්ගෙ රට වගේ හදාවි කියල. උන්ට ඕන හයිටිය වගේ රටක් හදා ගන්න.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 143 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15801 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site