IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ලොස් ඇන්ජලීස් ගොඩ නගන්න බිලියන ගණනක් වැයවේවි

සතියකට වැඩි කාලයක් තිස්සේ ළැව් ගිනිවලින් බැටකන ලොස් ඇන්ජලීස් නුවර, යළි ගොඩනැගීමට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ලොස් ඇන්ජලීස් නුවර අයත් කැලිෆෝනියා ජනපද බලධාරීව් හමුවෙමිනි. 
ළැව් ගිනි තත්ත්වය සම්බන්ධයෙන් සහ උන්හිටිතැන් අහිමිවුණු ලොස් ඇන්ජලීස් වැසියන්ට සහන ලබා දීම සම්බන්ධයන් ද ඇමෙරිකන් ජනාධිපතිවරයා සොයා බැලීමක් ද කළේය. 

ළැව් ගිනි ආරම්භ වූයේ පසුගිය 7 වැනිදාය. ඒ, ලොස් ඇන්ජලීස් නගරයට බලපෑ වියළි කාලගුණය හේතුවෙනි. ළැව් ගිනි පාලනය කිරීමට අපහසු අයුරින් පැතිරෙන්න පටන්ගෙන ඇත්තේ රට අභ්‍යන්තරයේ සිට මුහුද දෙසට හමා එන සුළං ධාරා නිසාය. 
මෙම වියළි සුළං ධාරා පැයට කිලෝ මීටර් 80 ක පමණ වේගයකින් හමා ආ බවත්, එය තව තවත් ළැව් ගිනි ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බවත් පැවැසිණි. ලොස් ඇන්ජලීස් යනු ජනගහනය අතින් ඇමෙරිකාවේ දෙවැනි විශාලතම නගරයයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

ලොස් ඇන්ජලීස් ගොඩ නගන්න බිලියන ගණනක් වැයවේවි

Ven.D.Revatha Thero Tuesday, 14 January 2025 09:37 AM

හිරොෂිමාවේ පාඩුව එයට වැඩි වෙන්න ඇති?

:       1       19

ravin Tuesday, 14 January 2025 09:48 AM

අනෙකුත් රටවල යුද්ධය සඳහා යොදවන මුදල් තම රට නැවත ගොඩනැගිමට යෙදෙව්වෙත් නරකද?

:       1       24

Rohana Tuesday, 14 January 2025 07:30 PM

අනුන්ට කරන අපරාධ තමන්ටම කැරකිලා එනවා..

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 143 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15801 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site