
අප්‍රිකාවට අයත් චැඩ් රාජ්‍යයේ, න්ජැමෙනා අගනුවර, ජනාධිපති මන්දිරය අසල වෙඩි තැබීමක් සිදුවිය.
එය හමුදා කුමන්ත්‍රණයක් බවට රාවයක් පැතිර ගියත්, චැඩ් විදේශ ඇමැති අබ්දෙල්රාමාන් කුල්මල්ලා වීඩියෝ පණිවුඩයකින් නිවේදනය කර ඇත්තේ, සුළු සිද්ධියක් සිදුවුණු නමුත් දැන් සියල්ල සාමකාමී බවය. එය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බව ද විදේශ අමාත්‍ය කුල්මල්ලා වැඩි දුරටත් පැහැදිලි කළේය.
ඒ.එෆ්.පී. පුවත් සේවය, මේ සම්බන්ධයෙන් පුවත් පළ කරමින් පවසා ඇත්තේ චැඩ් රාජ්‍යයේ සිදුවුණු වෙඩි තැබීමෙන් චැඩ් ආරක්ෂක අංශ කීප දෙනකු සහ ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් 18 දෙනකු මරා දැමුණු බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd