සඳෙන් පස් අරන් චීන යානය එනවා සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත. 25 June 2024
අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ 52 හැවිරිදි ජුලියන් අසාන්ජ් පවසා ඇත. 25 June 2024
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි මීටර් 27 ක් පළල දැවැන්ත ග්රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ඇමෙරිකාව් නාසා ආයතනය පවසා ඇත. 24 June 2024
රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක් රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලින් සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් ඉස්ලාමීය ත්රස්තවාදීන් පිරිසක් යැයි ඩැගෙස්තාන් ආරක්ෂක අංශ පවසයි. 24 June 2024
තව අවුරුදු 14 කින් ග්රහකයක් පෘථිවියේ හැපෙනවා තව අවුරුදු 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 23 June 2024
තුවාල ලැබූ පලස්තීනුවා ජිප් රියේ ගැට ගහලා පලස්තීනුවන් වෙසෙන, බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකින් පසු, ඊශ්‍රායල හමුදාව, පහර දී තුවාල කර අල්ලා ගත් පලස්තීන ජාතික තරුණයකු හමුදා ජිප් රියක ඉදිරිපස ගැට ගසා ඔහු නගරය පුරා රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යවලට ලැබී ඇත. 23 June 2024
ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබේ. ඒ, ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් පසුවය. 23 June 2024
ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය. 23 June 2024
ඊශ්‍රායල ප්‍රහාරවලින් 38 දෙනෙක් මියයති ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ අල් ටූෆා දිස්ත්‍රික්කයේ සරණාගත කඳවුරක් වට කර ප්‍රහාර දෙකක් එල්ල කළේය. එම ප්‍රහාරවලින් මියගිය ගණන 38 කි. 23 June 2024
මත්පැන් විෂ වී තමිල්නාඩුවේ 54 ක් මරුට මෙතනෝල් මිශ්‍ර මත්පැන් පාලනය කිරීමෙන් තමිල්නාඩුවේ 54 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 200 කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය. 23 June 2024
ලෙබනනය ’ගාසා තීරයක්’ වෙන්න දෙන්න බෑ - ගුටරේස් ඊශ්‍රායලය මේ වනවිට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ අවි ගැටුම්වලට යොමු වී සිටින අතර, ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත්තේ ලෙබනනය සමඟ මහා පරිමාණයේ යුද්ධයකට පැටලීමට ද තමන් පසුබට නොවන බවය. 23 June 2024
මැතිවරණයට AI අපේක්ෂකයෙක් ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ස්ටීව් ඔහුගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍ය සිදු කරන්නේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඔහුගේ රූපය භාවිතයට ගනිමිනි. AI ස්ටීව් යනුවෙන් එම චරිතය හැඳින්වෙයි. 21 June 2024
ඩොනල්ඩ් සදර්ලන්ඩ් සමුගනී හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය රංගන ශිල්පියකු ලෙස සැලකෙන ඩොනල්ඩ් සදර්ලන්ඩ් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස 88 කි. 21 June 2024
ඉන්දියාවට බංග්ලාදේශයට මහ වැසි බංග්ලාද්ශයටත් ඉන්දියාවේ ඇතැම් ප්රාන්තවලටත් මෝසම් වැසි නොකඩවා ඇද හැලෙයි. මහ වැසි හේතුවෙන්, ගම්මාන රැසක නායයෑම් හටගෙන ඇති අතර, 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ. උන්හිටිතැන් අහිමිවුණු පිරිස මිලියන ගණනකි. 20 June 2024
ඉරාන විප්ලවීය හමුදාව කැනඩා ත්‍රස්ත ලැයිස්තුවට ඉරාන විප්ලවීය හමුදාව ‘ත්‍රස්තවාදී’ කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇත. කැනඩාව මෙම පියවර ගත්තේ ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් කඩිනමින් ඉරානයෙන් ඉවත් කර ගැනීමෙන් ද අනතුරුව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 20 June 2024
ජනපති පුටින් වියට්නාමයේ ඇමෙරිකාවට ‘හිසරදයක්’ වෙමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වියට්නාමයේ හැනෝයි අගනුවර බලා පැමිණියේය. රුසියන් ජනාධිපතිවරයාට වියට්නාම රජයෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 20 June 2024
දෙන්නා රවුමකුත් ගිහිල්ලා වසර 24 කට පසු, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවුණු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කාරියානු නායකයාට රුසියාවේ නිෂ්පාදිත ‘ඕරස්’ ලිමොසීන් මෝටර් රථයක් තෑගි කළේය. 20 June 2024
ඊශ්‍රායලය ලෙබනනය එක්ක පැටලෙන්නයි යන්නේ ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, යුද වැදීමට ද ඊශ්‍රායලය සූදානම් වන බව වාර්තා වේ. 19 June 2024
මට කිසිවක් ඇහෙන්නේ නැතිව ගියා - අල්කා යාග්නික් බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයකින් පෙලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 19 June 2024
අතුරු මැතිවරණයට රාහුල් වෙනුවට ප්‍රියංකා කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණයට රාහුල් ගාන්ධි වෙනුවට කොංග්රස් පක්ෂයෙන් ප්‍රියංකා ගාන්ධි ඉදිරිපත් වනු ඇතැයි ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්රස් පක්ෂය’ තීරණය කර තිබේ. 19 June 2024
‘ෆයිසර්’ එන්නතට වැඩ වරදින ලකුණු අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා ඇත. 19 June 2024
හජ් වන්දනාවේ ගිය 550 ක් මියගිහින් මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බව සෞදි රජය පවසයි. 19 June 2024
පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතුයි පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතු බවත්, ඉන්දියාවට සහ පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි චීනය සතු බවත්, ලෝකයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ස්වීඩන පර්යේෂකයන් පිරිසක්, එළිදැක්වූ වාර්තාවක සඳහන් වෙයි. 18 June 2024
පුටින් උතුරු කොරියාවේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි. 18 June 2024
මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි. 18 June 2024
කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ. 17 June 2024
ගුවන් යානය කැඩිලා නවසීලන්ත අගමැති මගී යානයකින් යයි ජපානය බලා යමින් සිටියදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත්තේය. දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගුවන් යානයක මගීන් අතරේ අසුන් ගෙන ජපානය බලා යෑමට සිදුවිය. 17 June 2024
ඉන්දියාවේ දුම්රිය අනතුරක් නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී ප්‍රවාහන දුම්රියක් ගැටීමෙනි. 17 June 2024
පොරොවක් අතැතිව කලහ කළ අයකුට පොලිසියෙන් වෙඩි යුරෝ පාපන්දු තරඟාවලියට සමගාමීව, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති සංදර්ශන පෙළපාළියක් අතරතුරේ, කෙටි පොරොවක් අතැතිව කලහකාරීව හැසිරුණු අයකුට පොලිසිට වෙඩි තැබීය. 17 June 2024
යුද්ධය නවත්වන්න පුටින්ගෙන් කොන්දේසි යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. 17 June 2024
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026