IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අවුරුදු සැමරුම් අතරතුරේ ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්

නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි. 

සිද්ධිය දුටුවන් පැවැසුවේ, ට්‍රක් රථයේ රියදුරු උමතුවෙන් මෙන්, අවුරුදු සැමරුම්වල නියැලෙමින් සිටි පුද්ගලයන් යට කරන්න වූ බවය.

පිකප් ට්‍රක් රථයට යටවීමෙන් 10 දෙනකු මියගිය බවත්, 35 දෙනකු තුවාල ලැබූ බවත් පොලිසිය පසුව පැවැසීය. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ අතර, ඔවුන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. ඒ අනුව, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි.

එෆ්.බී.අයි. කාර්යාංශය ද කඩිනමින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, ඔවුන් එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇත. 
පිකප් ට්‍රක් රථය පිරිස අතරට කඩා වදිද්දී, නගරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීහු වහා ක්‍රියාත්මක වී, රියදුරු කොටු කර ගැනීමට උත්සාහ කළහ.

බේරී යෑමට තැත් කළ රියදුරාට පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට පටන් ගත්තේය. රියදුරා පොලිසියට කොටු වෙද්දී, ඔහු ද පෙරළ පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බව පැවැසෙයි. කෙසේ නමුත්, පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයෙන් රියදුරා ජීවිතක්ෂයට පත් විය.

පිකප් රියේ තිබී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ධජයක්, ගිනි අවි කීපයක් සහ පුපුරන ද්‍රව්‍ය හමුවී ඇත. විමර්ශනවලට සම්බන්ධ වූ එෆ්.බී.අයි. පරීක්ෂකයන් 42 හැවිරිදි ඔහු විශ්‍රාමික ඇමෙරිකන් හමුදා සාමාජිකයකු බවය. ඔහු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සාමාජිකයකුදැයි සෙවීමටත්, ඔහුට සහාය දුන් පුද්ගලයන් සෙවීමටත් මේ වනවිට විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ වී ඇත.

නිව් ඕලන්ස් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, හෝම්ලෑන්ඩ් ස්වදේශ ආරක්ෂක අංශය, ජනාධිපති ජෝ බයිඩන්ට දැනුම් දුන් බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ප්‍රහාරය සම්බන්ධයෙන් බයිඩන් කම්පනයට පත්වුණු බව ද වාර්තා වේ. 

CNN



අදහස් (3)

අවුරුදු සැමරුම් අතරතුරේ ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්

End Game Thursday, 02 January 2025 09:08 AM

ඇමෙරිකාවට අවුරුදු 10 ක්වත් යයි ඕක ගැන හොයන්න ලංකාවේ වගේ රවන පුත්තු නේ... ලංකාව වගේ ඉක්මණින් හොයන්න අමාරුයි

:       5       6

fairoos Thursday, 02 January 2025 11:19 AM

isis හදපු අයට දැන් කරදරයි වගේ

:       0       7

prasanna Thursday, 02 January 2025 12:34 PM

අනේ පව් ගාසා තිරයේ පුංචි දරුවන්...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site