
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට සහාය ප පළ කරමින් චීන රජය, රට පුරා විශේෂිත රැඳවුම් මධ්‍යස්ථාන 200 කට වැඩි ගණනක් ඉදි කර ඇති බවත්, දූෂණ චෝදනාවලට ලක්වන ඕනෑම අයකු නීතීඥ සහාය පවා නොමැතිව පවා මාස 6 ක් රඳවා තැබීමට මෙම රැඳවුම් මධ්‍යස්ථාන යොදා ගන්නා බව පැවැසෙයි.
මම රැඳවුම් මධ්‍යස්ථාන හැඳින්වෙන්නේ, ‘ලියුසි’ යන නමිනි. නීතීඥවරුන්ට පමණක් නොව, චෝදනා එල්ල වී රැඳවුම් භාරයට පත්වන පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන්ට පවා ඔවුන් හමුවීමට නොහැකි බව ද පැවැසෙයි.
ෂී ජින්පින් චීන ජනාධිපති ධුරයට පත් වූයේ 2012 වසරේදීය. පාලක කොමියුනිස්ට් පක්ෂය සහ හමුදාව සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු අල්ලස් දූෂණවලට එරෙහිව ජනාධිපතිවරයා දැඩි තීන්දු තීරණ අනුගමනය කළේය. ෂී ජින්පින් ශක්තිමත් නායකයකු ලෙස කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික තීරණය වී ඇත්තේ ද ඔහුගේ මෙම තීන්දු තීරණ ගැනීමට ඇති හැකියාවය. ෂී ජින්පින් ජනාධිපති ධුර කාල දෙකක් සම්පූර්ණ කර ඇත.
දූෂණ විරෝධීන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් රඳවා තැබීමට ‘ලියුසි’ රුඳවුම් මධ්‍යස්ථාන චීනය පුරා ස්ථාපිත කිරීම ආරම්භ වූයේ 2018 වසරේ සිටය. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් මන්දගාමී වුවත්, මෙම 2024 වනවිට චීනය පුරා ඉදි කරනු ලැබ ඇති ‘ලියුසි’ රැඳවුම් මධ්‍යස්ථාන ගණන 218 කි. කෙසේ නමුත් චෝදනාවලට ලක්වන පුද්ගලයන් ‘ලියුසි’ රුඳවුම් මධ්‍යස්ථානවලදී දැඩි ලෙස මර්දනයට ලක් කෙරෙන බවත්, ඔවුන් වධ බන්ධනයන්ට ලක් කෙරෙන බවත් බටහිර මාධ්‍ය වාර්තා කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට පුරා රැඳවුම් මධ්‍යස්ථාන 200 ක්