
ඉතියෝපියාවේ, සිඩාමා පළාතේ, මගීන් පටවාගත් ට්‍රක් රියක් ගංගාවකට පෙරැළීමෙන් එහි සිටි 71 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිඩාමා යනු දුෂ්කර පළාතක් බවත් එහි වැසියන් ගමන් බිමන්වල නියැලෙන්නේ ට්‍රක් රථවලින් බවත් පැවැසෙයි.
පමණ ඉක්මවා මගීන් පටවා ගත් ට්‍රක් රථ සිඩාමා පළාතේ නිරන්තරයෙන් දකින්න ලැබේ. මියගිය 71 දෙනාගෙන් 68 දෙනකු පිරිමි පුද්ගලයන් බවත් ඉතිරි පිරිස කාන්තාවන් බවත් සිඩාමා පළාත් පොලිස්පතිවරයා පවසා ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd