
සිරියානු කැරැල්ල ඔඩුදුවා, විපක්ෂ දේශපාලන කණ්ඩායම්, රටේ බලය අල්ලා ගනිද්දී, රුසියාවේ සහාය ඇතිව, රුසියාවට පලා ගිය සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට වස දී ඇතැයි පැවැසෙයි. කෙසේ නමුත් අසාද්ට එයින් අනතුරක් සිදු වී නැත.
මේ සම්බන්ධයෙන් රුසියන් රජය හෝ අසාද් හෝ කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත. අසාද් පවුලේ සාමාජිකයන් ද සමඟ නැවැතී සිටින්නේ ආරක්ෂිත නවාතැනකය.
පසුගිය දා හිටිහැටියේ ඔහු රෝගී වූ බවත්, හුස්ම ගැනීමට පවා නොහැකි වුණු බවත් පැවැසෙයි. අසාද්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලැබුණු අතර, සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ සිරුරට විසක් ඇතුළත් වී තිබුණු බවය.
අසාද්ට වස දුන්නේ කවුරුන්දැයි හෝ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් හෝ මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත. අසාද් රුසියාවේ රැඳී සිටින්නේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ග් අනුග්‍රහය යටතේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd