
සිරියානු මහ බැංකුවේ අධිපති ධුරය ප්‍රථම වතාවට කාන්තාවක් පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත. එලෙස නව මහා බැංකු අධිපති ධුරය සඳහා පත්කර ඇත්තේ මීට පෙර සිරියානු මහ බැංකු නියෝජ්‍ය අධිපති ධුරයේ කටයුතු කළ මේසා සබ්‍රීන්ය.
බැංකු කේෂ්ත්‍රයේ වසර 15 කට වඩා අත්දැකීම් ඇති මේසා සබ්‍රීන්ට සිරියානු බැංකු පද්ධතිය අධීක්ෂණය කිරීමේ කටයුතු මිට පැවැරී තිබිණි. ඩමස්කස් විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක් වන සබ්‍රීන් සහතික ලත් රාජ්‍ය
ගණකාධිකාරීවරියකි. එසේම ඇය 2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට මහා බැංකුව නියෝජනය කරමින් ඩමස්කස් සුරැකුම්පත් හුවමාරු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කර ඇත.
සබ්‍රීන් සිරියානු මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරියක ලෙස සහ කාර්යාල පාලන අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබිණි. 2021 වසරේ සිට සිරියානු මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ මොහොමඩ් ඉසාම් හසිම් වෙනුවට මේසා සබ්‍රීන් මහ බැංකු අධිපති ධුරය සඳහා පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත.
එවකට ජනාධිපති බෂාර් අල් අසාද් විසින් 2021 වසරේදී මහා බැංකු අධිපති ධුරය සඳහා මොහොමඩ් ඉසාම් හසිම් පත්කරනු ලැබ තිබිණි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියාවේ මහ බැංකු අධිපති ධුරය පළමු වරට කාන්තාවකට