
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට ස්ලොවේකියාව සාම සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර, ඊට කන්දීමට තමන් සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
පසුගිය දා, පෙර දැනුම් දීමකින් තොරව, ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ට් ෆිකෝ රුසියාවේ ක්‍රෙම්ලීනයට පැමිණ ජනාධිපති පුටින් හමුවී සාකච්ඡා කළේය. ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ට් ෆිකෝ, රුසියාවේ මිතුරෙකි.
ස්ලොවේකියාව, යුරෝපා සංගමයේ සාමාජිකයෙකි. යුරෝපා සංගමයේ රටවල් රුසියන් යුක්රේන යුද්ධයේදී යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය දැක්වූ යුරෝපා රාජ්‍ය නායකයකු ලෙස අග්‍රාමාත්‍ය රොබර්ට් ෆිකෝ සැලකෙයි.
රුසියාවත් යුක්රේනයක් හවුල් කර ගනිමින්, සාම සාකච්ඡා පැවැත්වීමට තමන් මැදිහත් වන බව ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ට් ෆිකෝ පවසා ඇත්තේ, ඔහු සකස් කළ සාම සැලැස්ම පුටින්ට ඉදිරිපත් කරමිනි.
ස්ලොවේකියාව, බටහිර සහ නැගෙනහිර යා කරන බල කඳවුරක් ලෙස ද සැලකෙයි. ස්ලොවේකියාව පිහිටා ඇත්තේ යුක්රේනයට මායිම්වය. 2023 දී රොබර්ට් ෆිකෝ යළි ජනවරමක් හිමිකර ගැනීමෙන් පසු ඔහු රුසියාවට මිත්‍රශීලීව කටයුතු කර ඇත. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බව රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යුද්ධය නිමා කරන්න සාම සැලැස්මක් - පුටින්