ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුව, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි. නියෝගයට අනුව, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම සිදුවනු ඇත්තේ 2026 ජනවාරි මාසයේ සිටය.
ට්‍රම්ප්ගේ මෙම තීරණයෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාවෙන් කිසිදු ආකාරයක ආධාර ලබා දීමක් සිදු වන්නේ නැත. මෙය සැබැවින්ම කනගාටුවට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති වී සිටියේ 2017 සිට 2021 දක්වා කාලයේය. ට්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර අර්බුදයනිර්මාණය වූයේ එම කාලයේය. ‘කොවිඩ් 19’ වයිරස වසංගතය ව්‍යාප්ත වෙද්දී එය නිසි ලෙස මර්දනය නොකිරීමට කඩිනමින් පියවර නොගත් බවට ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරන බැවිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව ද ට්‍රම්ප් පෙන්වා දී ඇත.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ක නෑ