තෙරේසාගේ අග්‍ර පුරෝහිතයෝ පක්ෂය හැරයති එංගලන්ත අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ සමිපතම උපදේශකයන් වූ නික් තිමති සහ ෆියෝනා හිල් අද සිය තනතුරු වලින් ඉවත් වූහ. ඔවුන් දෙදෙනාගේ ඉවත් වීම සිදුවූයේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගැනීමට තෙරේසා මේ මහත්මිය අසමත් වූ හෙයිනි. 10 June 2017
ලන්ඩන් ප්‍රහාරය සිහි කළ ක්‍රීඩකයා තනි වෙයි බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ට ගෞරව කළ සෞදි අරාබි පාපන්දු ක්‍රීඩකයකු කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් හුදකලා වූ පුවතක් වාර්තා විය. 09 June 2017
හවුල් ආණ්ඩුවක් පිහිටුවන බව තෙරේසා මේ කියයි බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අපේක්ෂා කළ පරිදි බහුතර ආසන ප්‍රමාණයක් දිනාගැනීමට නොහැකි වීම නිසා අගමැතිනි තෙරේසා මේ ඩිමොක්රටික් යුනියනිස්ට් පක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවන බව අද (9) ප්‍රකාශ කළාය. 09 June 2017
කන්සර්වේටිව් පක්ෂයට බහුතරය අහිමි වෙයි ? බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂය බහුතරයට මදක් අඩු ආසන ප්‍රමාණයක් දිනාගනු ඇතැයි බී.බී.සී පුවත් සේවයේ අනාවැකි පෙන්වාදෙයි. 09 June 2017
බ්‍රිතාන්‍ය අගමැතිනියට ගෙදර යන්න වෙන ලකුණු කන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා ලෙස බොරිස් ජොන්සන් පත්වනු ඇතැයි ආරංචි මාර්ග පවසයි. 09 June 2017
යටත් වෙන්නේ නැහැයි කටාරය කියයි තම ස්වාධීන විදෙස් ප්‍රතිපත්තිය කිසිදු අවස්ථාවකදී වෙනස් නොකරන බවත් තම අසල්වාසීන්ගේ පීඩනයට නතු නොවන බවත් කටාර් විදේශ අමාත්‍යවරයා අල් ජසීරා පුවත්සේවයට ප්‍රකාශ කර තිබේ. 09 June 2017
ජෙරම් කෝබින් බ්‍රිතාන්‍යය අගමැතිනියට ඉල්ලා අස්වෙන්න කියයි අගමැතිනි තෙරේසා මේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ජෙරම් කෝබින් ප්‍රකාශ කරයි.මැතිවරණ ප්‍රතිඵලවලින් ඇයට ඡන්ද අහිමි වී තිබෙන බවත් ඡන්ද දායකයන්ගේ විශ්වාසය සහ සහයෝගය නැති වී ගොස් තිබෙන අයුරුත් පෙන්වන බව ජෙර්ම් කෝබින් කීවේය. 09 June 2017
කටාර් රාජ්‍යයේ හමුදා කඳවුරක් පිහිටවන්න තුර්කි පාර්ලිමේන්තුවෙන් අනුමැතිය කටාර් රාජ්‍යය තුළ හමුදා කඳවුරක පිහිටුවීමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි ව තිබේ. මෙම කෙටුම්පත මුලින්ම සකස් කර ඇත්තේ මැයි මාසයේ වූ අතර ගල්ෆ් කලාපය තුළ ඇති වී තිබෙන නව අර්බුදයත් සමඟ එය නැවතත් විවාදයකට ගැනීමට පාලක පක්ෂය කටයුතු කළේය. 08 June 2017
මියන්මාරයේ යුද ගුවන් යානාවක් කඩා වැටෙයි මගීන් 100කට වැඩි පිරිසක් සහ කාර්යමණ්ඩලයෙ 11 දෙනකු පමණ රැගත් මියන්මාර යුද ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. 07 June 2017
මරාවි නගරය කැරලිකරුවන්ගෙන් බේරාගන්න මෙහෙයුමක් සති දෙකක පමණ කාලයක සිට ඉස්ලාම් අන්තවාදීන්ගේ ග්රහනයේ පවතින පිලිපීනයේ මරාවි නගරය සම්පූර්ණයෙන්ම රජයේ පාලනයට යටත් කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව පිලිපීන ආරක්ෂක අංශ පවසයි. 06 June 2017
බරින් වැඩිම අභ්‍යාවකාශයක් ඉන්දියාව ගුවන් ගත කරයි ටොන් 640ක් බර විශාල රොකට්ටුවක් බෙංගාල බොක්කේ ශ්‍රිහාරිකොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථක ලෙස ගුවන්ගත කළ බව ඉන්දියානු අභ්‍යවකාශ කාර්යාංශය පවසයි. 06 June 2017
කටාර් ගුවන් යානාවලට සෞදි-ඊජිප්තු ගුවන තහනම් කටාර් ගුවන් යානාවලට තම ගුවන් සීමාව තහනම් කිරිමට සෞදි අරාබිය සහ ඊජිප්තුව පියවර ගෙන තිබේ. 06 June 2017
සබඳතා නැවැත්වීම ගැන කටාර් විදේශ ඇමැති කණගාටුව පළ කරයි ත්රස්තවාදයට උදවු සපයන බවට සහ මූලධර්මවාදී අදහස් පතුරුවන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දැමීමට අරාබි රටවල් හයක් අද (5) පියවර ගැනීමත් සමඟ ඊට පිළිතුරු දීමට කටාර රාජ්‍යය කටයුතු කළේය. 05 June 2017
තම රටට එරෙහි චෝදනා බොරු බව කටාර් රජය කියයි තම රට සමඟ තිබෙන සබඳතා නවතා දැමීමට සෞදි අරාබිය ප්රමුඛ රටවල් හතරක් ගත් තීරණය කිසිදු ආකාරයකින් සාධාරණය කළ නොහැකි බව කටාර් රාජ්‍ය ප්‍රකාශ කරයි. 05 June 2017
ලන්ඩන් ප්‍රහාරයට සැක කිහිපදෙනෙක් පොලිස් දැලේ බ්‍රිතාන්‍ය පොලිසිය අද(5) අලුයම කළ වැටලීම් දෙකක දී පසුගියදා ලන්ඩන් නුවරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකසහිත කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. 05 June 2017
රටවල් හතරක් කටාර් සමග සබඳතා අත්හරී ත්රස්තවාදයට උදවු සපයන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කර දැමීමට අද (5) තීරණය කළේය. 05 June 2017
බොරු බෝම්බ බියෙන් 1500කට තුවාල ඉතාලයේ ටියුරින් නුවර පාපන්දු නගරයක් නරඹමින් සිටි පිරිසක් අතර ඇතිවූ බෝම්බ බියක් නිසා සිදුවූ තෙරපීම හේතුවෙන් සෙනසුරාදා (3) රාත්රියේදී 1,500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 04 June 2017
ලන්ඩන් ප්‍රහාරය ගැන බැණවැදුණු 12ක් අත්අඩංගුවට ලන්ඩන් ප්‍රහාරයෙන් පසු පුද්ගලයන් 12 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන පොලිසිය සඳහන් කරයි. 04 June 2017
ලන්ඩන් නුවර ප්‍රහාර දෙකකින් නව දෙනෙක් මරුට බ්‍රිතාන්‍යයේ අගනුවර වන ලන්ඩන් නුවරට සෙනසුරාදා (3) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාර දෙකකින් 9 දෙනකු ජීවතක්ෂයට පත්ව 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 04 June 2017
ඇෆ්ගනිස්ථානයේ මළ ගෙදරකට බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථාන රජයට විරුද්ධව පවත්වනු ලැබූ විරෝධතාවකදී මියගිය සලෙම් ඉසාද්යා නම් පුද්ගලයකුගේ අවමගුල් උත්සවයට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයකින් හත්දෙනකු මියගොස් 119ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 04 June 2017
බ්‍රිතාන්‍ය පොලිසිය ප්‍රහාර දෙකේ සම්බන්ධය සොයයි සෙනසුරාදා (3) රාත්‍රීයේදී බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ, ’ලන්ඩන් පාලම’ අසලත් ’බරොව් මාර්කට්’ ආසන්නයේත් ප්‍රහාර දෙකක් සිදුව ඇතැයි වාර්තා වේ. 04 June 2017
උතුරු කොරියාවට පැනවූ සම්බාධක තවත් වැඩිකරයි උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් එරට පැන වූ සම්බාධක පනවා තිබූ සම්බාධක තවදුරටත් වැඩි කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සිකුරාදා (3) තීරණය කළේය. 03 June 2017
පැරිස් සම්මුතියෙන් ඉවත් වූ ට්‍රම්ප්ට විවේචන ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ගැන දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර තිබෙන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිසිවකුට හෝ කිසිවකට අප නැවැත්විය නොහැකි බව ද සඳහන් කර තිබේ. 02 June 2017
පරණ නියෝගයට අවසර ඉල්ලා ට්‍රම්ප් ඉහළ උසාවියට යයි මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත්වන ප්‍රධාන රටවල් හයක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරමින් දුන් නියෝගය නැවත ක්‍රියාත්මක කරන්නැයි ට්‍රම්ප් පරිපාලනය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. 02 June 2017
අයි. එස් .ත්‍රස්තවාදී ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි කැසිනෝ ශාලාවක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අයි. එස් .ත්රස්තවාදීන්ගේ ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි. අයිඑස් ත්රස්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට ප්‍රකාශ කර තිබියදීත් සිද්ධියට ත්රස්තවාදයේ සම්බන්ධතාවක් නැති බව බලධාරීහු කියති. 02 June 2017
මැනිලා හෝටලයක මළසිරුරු 36ක් පිලිපීනයේ මැනිලා නුවර හෝටල් සංකීර්ණයක කැසිනෝ ක්‍රීඩාගාරයක සිදූවු වෙඩි තැබීමකින් පසුව මළසිරුරු 36ක් සොයාගත් බව පිලිපීන ආරක්ෂක අංශ වාර්තා කරයි. 02 June 2017
හිරු සමීපයට යානයක් යැවීමට නාසා සැරසෙයි තරු නිර්මාණය වූයේ කෙසේ ද යන්න මූලික අරමුණ කරගනිමින් හිරුගේ වායුගෝලයට යානයක් යැවීමට නාසා ආයතනය සූදානම් වෙයි. 01 June 2017
ලාංකිකයා ගුවන් යානය ආපසු හරවයි තමන් අත් බෝම්බයක් ඇති බව පවසමින් බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට මගියකු උත්සාහ දැරීම හේතුවෙන් මැලේසියාවේ එම්.එච්.128 අංක දරණ ගුවන් යානය ආපසු හරවා යැවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 June 2017
ඇෆ්ගනිස්ථාන බෝම්බ පිපිරීමෙන් 90ක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ජනාධිපති මන්දිරය හා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල පිහිටි ප්‍රදේශයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 90ක් මියගොස් 400කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 31 May 2017
ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 60ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විශාල පිපිරීමක් සිදුව ඇතැයි ද මේ වන විට 60දෙනකු පමණ මියගොස් ඇතැයි ද වාර්තා වෙයි. 31 May 2017
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026