ඉන්දියාවේ තම්ල්නාඩු ප්‍රාන්තයේ විරෝධතාවක යෙදුනු පුද්ගලයින් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමහේතුවෙන් නවදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
එම ප්‍රාන්තයේ පිහිටි කොපර් නිශ්පාදනාගාරයකින් පරිසරයට හානි සිදුවන බව පවසමින් ඔවුන් විරෝධතාවයේ යෙදී ඇත.
විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුකිරීමත් සමග මෙම ගැටුම් ඇතිවී තිබේ. බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර පොලිසිය පවසන්නේ විරෝධතාකරුවන් පොලිසියට ගල් මුල් වලින් දමා ගසමින් වාහන ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවයි.
කර්මාන්තශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගත ජල මූලාශ්‍ර අපිරිසිදු වන බවත් ධීවර කර්මාන්තයට අහිතකර ලෙස බලපෑම් ඇති වන බවත් විරෝධතාකරුවෝ පවසති.
රජය විසින් පනවා ඇති නීතිරීති වලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් මෙම කම්හල දින 50ක් තිස්සේ වසා දමා ඇතැයි ද පැවසේ.
(බීබිසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු පස්වලදී වගේ දැන් ජාති යන්ත්‍ර බුවාලා ඉන්දියාවට යයි නේද?