ටෝකියෝහිදීය (රොයිටර්)
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ ඉහළ නිලධාරියකු සඳුඳා, එනම් ඊයේ (28) රාත්‍රියේ සිංගප්පූරුවට පැමිණ ඇතැයි ජපානයේ රාජ්‍ය විකාශන ආයතනය වන ‘එන්.එච්.කේ’ පුවත් සේවය අද (29) වාර්තා කළේය.
මෙය ඇමෙරිකා එක්සත් ජනපද නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර හමුව පැවැත්වෙන බවට දුන් එක් ඉඟියක් යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
සිංගප්පූරුවට පැමිණ ඇත්තේ කිම් ජොන්ග් උන්ගේ කාර්ය මණ්ඩලයේ නිල නොලත් ප්‍රධානියා වන කිම් චන්ග් සන්ය.
හෙතෙම චීනයේ බීජිං අගනුවර සිට සඳුඳා රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
මේ අතරවාරයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සිංගප්පූරුවට පැමිණ ඇතැයි එන්.එච්.කේ පුවත් සේවය වාර්තා කළේය.
ධවල මන්දිරයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී ජෝ හැගින් ඇතුළු පිරිසක් එලෙස සිංගප්පූරුවට පැමිණ තිබේ.
ඔවුන් පිරිස ද සඳුඳා රාත්‍රීයේ ජපානයේ යාකෝටාහි ස්ථාපිත ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරෙන් සිංගප්පූරුව වෙත ගමන් කර ඇතැයි එන්.එච්.කේ පුවත් සේවය සඳහන් කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd