ඩෙන්මාකයේ මුස්ලිම් කාන්තාවන්ට සම්පූර්ණයේ මුහුණ වැසෙන සේ බුර්කාව හෝ නිකාබ් ඇඳීම තහනම් කිරීමේ නීය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 45කින් සම්මත වී තිබේ.
මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 75ක් ලැබුණු බවත් විපක්ෂව ඡන්ද 30ක් ලැබුණු බවත් වාර්තා වී ඇත.
මෙම නීතිය අගෝස්තු පළමු වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
බුර්කාව හැඳීම පළමුවෙන්ම තහනම් කළ යුරෝපීය රට වන්නේ ප්‍රංශයයි. ඉන්පසු බෙල්ජියම, ඔස්ට්‍රියාව සහ බල්ගේර්යාව වැනි රටවල් කිහිපයක් ද මෙය තහනම් කළහ.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් එහෙම වෙන්නේ නැහැ
නොදියුණු ක්‍රමවේද දියුණු රටවල් ප්‍රතික්ෂේප කරන බව පැහැදිලිව පේනවා.
ඇත්තෙන්ම මෙම ඇඳුම ඇන්දම කෙනෙක්ව අඳුරගන්න බැහැ. ඕනෑම වරදක් කොට බේරී පලා යා හැකිය. මෙය සමාජයේ ආරක්ෂාව සඳහා වහාම තහනම් කල යුතුය. දැන් අපට අවවාද දෙන යුරෝපයත් මෙය තහනම් කොට ඇති හෙහින් කිසිවකුට වෙනත් අර්ථකතන මෙයට දිය නොහැකිය.
ඕනෑම සුදුසු ඇදුමක් අදින්න එය අදින කෙනාට නිදහසක් තියෙන්න ඕනේ. හැබැයි ඒ ඇදුම සමාජයේ අනෙක් මිනිසුන්ට බාධාවක් වෙන්න බැ. බුර්කාවෙන් මුහුණත් එක්ක වහ ගන්නේ නැතුව සංවර ඇදුම් ඕන තරම් තියෙනවා අදින්න. ඇයි ඒවා අදින්න බැරි. තමන්ගේ අනන්‍යතාවය පෙන්නේ නැතිව බුර්කාවෙන් වහගෙන කොච්චර නීති විරෝදී වැඩ වෙනවද. නමුත් අපේ හමුදාව LTTE ත්‍රස්තයන් පරාජය කලේ මේ බුර්කාවවත් තහනම් නොකර. අපේ හමුදාව කොච්චර දක්ෂද
කෙනෙක් කරපු වැරැද්දකට හැම දෙනා දිහාම එහෙම බලන්න එපා. වැරදි වැඩ කරන්න මිනුස්සු එක එක ක්‍රම පාවිච්චි කරනවා.