වොෂින්ටන්හිදීය/අන්කාරාහිදීය (රොයිටර්)
ඉරානයට ඉදිරියේ දී දැඩි සම්බාධක පනවන බවට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් තිලර්සන් අනතුරු අඟවයි.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත්වන බව මීට සති දෙකකට පෙර නිවේදනය කළේය. ඉරානය න්‍යෂ්ටික ගිවිසුමට අනුකූලව කටයුතු නොකරන බවට චෝදනා කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත් කර ගත්තේය. ඉරානය සිරියානු සිවිල් යුද්ධයට අනවශ්‍ය ලෙස අතපෙවීම් කරන බවට ද ඇමෙරිකාව චෝදනා කරයි.
ඇමෙරිකා ජනාධිපතිවරයා ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කරගැනීමත් සමඟ ඉරානයට සම්බාධක පනවන බව ප්‍රකාශ කිරීමට එරට නිලධාරීන් කටයුතු කර තිබේ.
මේ සියලු කරුණු මධ්‍යයේ ඉරානයට ඉතිහාසයේ මෙතෙක් පැනවූ දැඩිම ආකාරයෙන් සම්බාධක පනවන බවට ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඇතුළු ධවල මන්දිර නිලධාරීන් කිහිපදෙනෙක්ම මේ වනවිටත් අනතුරු අඟවා තිබේ.
ඇමෙරිකාව ඉරානය තුළ ‘රෙජීම වෙනසක්’ කිරීමට සූදානම් වන බවට චෝදනා කළ ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රතිචාර දක්වන බවට අවධාරණය කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd