IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීම්


 
 
වොෂින්ටන්හිදීය/අන්කාරාහිදීය (රොයිටර්)
 
ඉරානයට ඉදිරියේ දී දැඩි සම්බාධක පනවන බවට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් තිලර්සන් අනතුරු අඟවයි.
 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත්වන බව මීට සති දෙකකට පෙර නිවේදනය කළේය. ඉරානය න්‍යෂ්ටික ගිවිසුමට අනුකූලව කටයුතු නොකරන බවට චෝදනා කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත් කර ගත්තේය. ඉරානය සිරියානු සිවිල් යුද්ධයට අනවශ්‍ය ලෙස අතපෙවීම් කරන බවට ද ඇමෙරිකාව චෝදනා කරයි. 
 
ඇමෙරිකා ජනාධිපතිවරයා ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කරගැනීමත් සමඟ ඉරානයට සම්බාධක පනවන බව ප්‍රකාශ කිරීමට එරට නිලධාරීන් කටයුතු කර තිබේ.
 
මේ සියලු කරුණු මධ්‍යයේ ඉරානයට ඉතිහාසයේ මෙතෙක් පැනවූ දැඩිම ආකාරයෙන් සම්බාධක පනවන බවට ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඇතුළු ධවල මන්දිර නිලධාරීන් කිහිපදෙනෙක්ම මේ වනවිටත් අනතුරු අඟවා තිබේ. 
 
ඇමෙරිකාව ඉරානය තුළ ‘රෙජීම වෙනසක්’ කිරීමට සූදානම් වන බවට චෝදනා කළ ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රතිචාර දක්වන බවට අවධාරණය කළේය. 
 
055



අදහස් (0)

ඇමෙරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site