(ඒ.එෆ්.පී)
ගාසා තීරයේ සන්නද්ධ ඉලක්ක 30 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල අඟහරුවාදා (29) රාත්‍රියේ ප්‍රකාශ කළේය.
හමාස් සංවිධානය සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශව එල්ල කරන ලද රොකට් සහ මෝටර් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය මෙලෙස ප්‍රහාර එල්ල කර තිබේ.
දෙපාර්ශවය අතර ඇති වූ මෙම ගැටුම 2014 වසරේ ඇති වූ යුද්ධයෙන් පසු ඇති වූ දරුණුම ගැටුම යැයි ද වාර්තා වේ.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දේශසීමාවල මාරාන්තික ගැටුම් ඇතිවීමෙන් පසු මෙලෙස ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සහ ඔවුන්ගේ පාර්ශව අතර ප්‍රහාර හුවමාරු විය.
ගාසා තීරයෙන් එල්ල වූ ප්‍රහාරවලින් ඊශ්‍රායල සොල්දාදුවන් තිදෙනකු තුවාල ලබා තිබෙන අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ හානිය සම්බන්ධයෙන් වාර්තා නොවීය.
ප්‍රහාරවල වගකීම බාරගන්නා බව හමාස් සංවිධානය සහ ඉස්ලාමීය ජිහාද් සංවිධානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ අතර එම දෙපාර්ශවය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීම දුර්ලභ සිදුවීමකි. ඊශ්‍රායලය තම ඉලක්කවලට එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව එම දෙපාර්ශවය පැවැසීය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd