උගන්ඩාවේ උතුරු ප්‍රදේශයේ කිර්යන් ඩොංගෝහි මාර්ගයක ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් දරුවන් තිදෙනකු ඇතුළු 22ක් මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
රාත්‍රී කාලයේ ධාවනය වූ බස් රථය විදුලි ආලෝකය නොමැතිව ධාවනය වූ ට්‍රැක්ටරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි. 
 
පසුව බස් රථය ට්‍රක් රථයක ද වැදී තිබේ. තවහුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ මියගිය සංඛ්‍යාව 30ක් දක්වා වැඩි වී ඇති බවයි.
 
මාර්ග ආරක්ෂාව සම්බන්දව ලෝකයේ නරකම වාර්තා සහිත උගන්ඩාවේ වසරකට 5000ක් පමණ රිය අනතුරු වලින් මියයන බව වාර්තා වී ඇත.
 
(බීබීසි පුවත් ඇසුරිණි - 085)