(ක්වාලාලම්පූර්හිදීය (රොයිටර්)
මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ පෞද්ගලික නිවසක තිබී ආභරණ සහ මුදල්වලින් පිරුණු අත්බෑග් සහ මෝස්තර සහිත අත්බෑග් ඇතුළු පෙට්ටි 284ක් පොලිස් භාරයට පත්ව ඇතැයි වාර්තා වේ.
මැලේසියාවේ හිටපු අගමැතිවරයාට නිවසක් ඇතුළු ස්ථාන පහක් ඊයේ (17) සහ පෙරේදා (16ss) පරීක්ෂාවට ලක්වූ අතර එහිදීද අත්බෑග් කිහිපයක් පොලිස් භාරයට පත්වී තිබේ.
මුදල් සහ ආභරණ ඇතුළු තවත් වටිනා ද්‍රව්‍යය සහිත අත්බෑග් සහ පෙට්ටි පොලිස් භාරයට පත්ව ඇත්තේ අද, සිකුරාදා (18) අලුයම් කාලයේදීය.
මෙලෙස මුදල් සහ ආභරණ ඇතුළු තවත් වටිනා ද්‍රව්‍යයවලින් සමන්විත පෙටටි 284 පොලිස් භාරයට පත්ව ඇත්තේ සුඛෝපභෝගී සභාධිපත්‍යය සහිත නිවාස සංකීර්ණයකිනි. එම නිවාස සංකීර්ණයේ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක් තිබී ඇත.
“පොලිස් භාරයට පත්වූ ආභරණ, මුදල් සහ අනෙකුත් වටිනා ද්‍රව්‍යයවල මිල නිශ්චිතව කියන්න බැහැ” යැයි මෙම වැටලීමෙන් පසු කෙටි පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් මැලේසියාවේ පොලිස් වාණිජ අපරාධ පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ අමර් සිං පැවැසීය.
(055)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ එතුමාට කව්රු හරි ගෙදර ඉන්න වෙලාවක නිකන් දීලා යන්න ඇති
ඕවා දේශපාලන පළිගැනීම්.
අපේ රටේ නම් ඔහොම නැහැ මම හිතන්නේ
මැලේසියාවේ අගමැතිගේ පුතාටත් ඉන්නවලු ආච්චි කෙනෙක් දවසක් එයා ගෙදර මැද මිදුලට වෙලා අව්ව තැප තැප ඉන්නකොට වෑන් එකක් ඇවිත් ගේ ඉස්සරහ නතර කෙරුවලු. නතර කරපු ඒ වෑන් එකෙන් කට්ටියක් බැස්සලු.. ඒ බැස්ස කට්ටිය ආච්චිගේ ගෙදරට මේ පෙට්ටි ගොඩබෑවලු. පෙට්ටි ටික බාලා කට්ටිය කිව්වලු මේ ටික පරිස්සමට මෙහෙ තියා ගන්න අපි ආපහු එනවා. මේ ටික අරන්න යන්න කියලා. ඒවා තමයි මැලේසියාවේ පොලීසියට අහුවෙලා තියෙන්නේ.. බොරුනම් නාමල් බේබිගෙන් අහන්නකෝ...!!!
ඩේසි ආච්චි එහෙත් ගිහින් වගේ.
ඕක ළුෑණුබිකක් රාජපක්ෂ එදා යනකොට අරන්ගිය... කන්ටේනර්ස් චෙක් කළා නම් බලන්න තිබුණා මොනවද තිබුනේ කියලා. ඒවා හෙව්වේ නැහැ... රනිල්, මෛත්‍රිලා.. ඒ අයට ඕනෑ වුනේ කොහොම හරි බලය රනිල්ට අරලිය ගහ මන්දිරේට යනකම් ඉස්පාසුවක් තිබුණේ නැහැ.. කොටින්ගේ බැංකු වල තිබුණු රත්රන් වලට මොකද වුනේ? ආරංචි හැටියට කිලෝ 350ක් එදා ගෙදර අරන්ගියාලු... එ්ක සොයන්න පොලීසිය පස්සේ යනකොට පොලිසිය යන්න කලින් මැසේජ් එක දීලා ඒවා හංගලා ඉවරයි. මේක ලංකාව... ඒක මලයාසියාව...
ලංකාවේ හිටපු අයගේත් මෙහෙම තමයි. පෙට්ටි 1000ක් විතර ඇති... එ්ත් හොයන්න කෙනෙක් නෑ.