සිරියාවේ ප්‍රධාන කාර්ය අවසන් බව කියයි සිරියාවේ ක්‍රියාත්මක අයි.එස් සංවිධානයට එරෙහි සටනේ ප්‍රධාන කාර්ය භාරය අවසන් වී ඇතැයි රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පවසා තිබේ. 27 December 2017
චීනයේ යුද අභ්‍යාස අපේ ආරක්ෂාවට තර්ජනයක් චීනය අඛණ්ඩව කරන යුද අභ්‍යාස තම රටේ ආරක්ෂාවට තර්ජනයක් යැයි තායිවානය අවධාරණය කරයි. 27 December 2017
යේමනයට සෞදි හමුදාවෙන් ගුවන් ප්‍රහාරයක් නිරිතදිග යේමනයේ තායිස් පළාතේ වෙළෙඳපොළකට සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මියගිය හා තුවාල ලැබූ පිරිස 100 ඉක්මවා ගොස් ඇතැයි එරට බලධාරීහූ පවසති. 26 December 2017
ඊශ්‍රායල් චෙස් සම්මේලනය සෞදි අරාබියෙන් වන්දි ඉල්ලයි තම ක්‍රීඩකයන්ට වීසා ලබා නොදීම සම්බන්ධයෙන් සෞදි අරාබියෙන් වන්දි ඉල්ලීමට කටයුතු කරන බව ඊශ්‍රායල චෙස් සම්මේලනය සඳහන් කරයි. සෞදි අරාබියේ පැවැත්වෙන චෙස් තරඟාවලියකට සහභාගීවීම සඳහා ඊශ්‍රායල ජාතික චෙස් ක්‍රීඩකයන් වීසා අයඳුම්පත් යොමු කර තිබෙන අතර එහිදි ඔවුන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබේ 26 December 2017
උතුරු කොරියාවෙන් චන්ද්‍රිකාවක් උඩුගුවනට උතුරු කොරියාව චන්ද්‍රිකාවක් යැවීමට සූදානමින් සිටින බවට දකුණු කොරියානු ආරංචි මාර්ග සඳහන් කරයි. 26 December 2017
පිලිපීනයේ කුණාටුවකින් 133ක් මරුට පිලිපීනයට අයත් මින්දනාවෝ දූපත හරහා හමාගිය වැසි සහිත කුණාටුවෙන් හටගත් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් 133 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 23 December 2017
දකුණු කොරියාවේ ගින්නකින් 29ක් මරුට දකුණු කොරියාවේ දකුණු දිග ජේචියොන්හි ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් 29දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 22 December 2017
යුරෝපය අස්ථාවර කරන්න එපා: බ්‍රිතාන්‍ය විදේශ ඇමැති යුරෝපය අස්ථාවර නොකරන්නැයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් හමුවෙමින් පවසා තිබේ. 22 December 2017
මගීන් 251ක් සමඟ යාත්‍රාවක් අනතුරට පත්වේ පිලිපීනයේ නැගෙනහිර පොළිලෝ දූපත ආසන්න මුහුදේ ගමන් කළ මගින් 251කු රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් බොහෝ දෙනකු අනතුරට පත්වී ඇතැයි වාර්තා වේ. 21 December 2017
මෙල්බන්හි ෆ්ලින්ඩර් මාර්ගයට මෝටර් රථයක් කඩා වැදී 15 කට තුවාල ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ෆ්ලින්ඩර් මාර්ගයේ ගමන්ගත් පදිකයන් පිරිසක් වෙත මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් 15දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 21 December 2017
උතුරු කොරියා සෙබළෙක් දකුණු කොරියාවට පළා යයි කොරියානු අර්ධද්වීපය දෙකට බෙදෙන යුද මුක්ත කලාපය ඔස්සේ උතුරු කොරියානු සොල්දාදුවකු දකුණු කොරියාවට පලා ඇවිත් ඇතැයි වාර්තා වේ. 21 December 2017
එක්සත් ජාතීන්ගේ විශේෂ මහ මණ්ඩල සැසිය හෙට අරාබි සහ මුස්ලිම් රාජ්‍යයන්ගේ ඉල්ලීම මත එක්සත් ජාතීන්ගේ හදිසි සහ විශේෂ මහ මණ්ඩල සැසියක් හෙට (21) පැවැත්වෙනු ඇත. 20 December 2017
සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් 19ක් මරුට සිරියාවේ කැරළිකරුවන් පාලනය කරන ඉඩ්ලිබ් පළාතේ ගම්මානයකට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් 19දෙනකු මියගොස් 25ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. 20 December 2017
චීනය පැන්ඩාගේ මළපහ වලින් කඩදාසි නිශ්පාදනයට චීනයේ සංචාරක ආකර්ෂණීය සතකු වන යෝධ පැන්ඩා ගේ මළපහ කඩදාසි නිශ්පාදනයට යොදාගැනීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. 20 December 2017
මෙක්සිකෝවේ බස් රථ අනතුරෙන් 12ක් මරුට මෙක්සිකෝවේ ගිණිකොන දිග ක්වින්ටනා රූ පළාතේ සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 12දෙනකු මියගොස් 18දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 20 December 2017
ත්රස්තවාදීන් ආයුද සොරකම් කරලා - වෙනිසියුලා ජනපති ත්රස්තවාදීන් හමුදා ආයුද ගබඩාවලට ඇතුළු වී ආයුද සොරකම් කර ඇතැයි වෙනිසියුලානු ජනාධිපති නිකොලාස් මදුරෝ ප්‍රකාශ කරයි. 20 December 2017
බ්‍රිතාන්‍ය යුද නෞකාවේ කාන්දුවක් බ්‍රිතාන්‍යයේ විශාලතම යුද නැව ලෙස සැලකෙන එච්.එම්.එස් එළිසබෙත් රැජින නෞකාවේ කාන්දුවක් ඇතැයි ද කඩිනමින් අලුත්වැඩියා කළ යුතු යැයි ද බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. 19 December 2017
වොෂින්ටන් ප්‍රාන්තයේ දුම්රිය අධිවේගයට වැටී 3 ක් මරුට ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ ගමන් කරමින් තිබූ මගී දුම්රියක් අධිවේගී මාර්ගයක් මතට කඩාවැටීමෙන් අවම වශයෙන් තිදෙනකු මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 19 December 2017
මුම්බායි වෙළඳසලක ගින්නකින් 12ක් මරුට ඉන්දියාවේ මුම්බායි නගරයේ වෙළඳසලක ඇතිවූ ගින්නකින් 12දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 18 December 2017
ජපානයේ තල්මස් දඩයමට ජාත්‍යන්තර විරෝධයක් ජපානයේ තල් මසුන් ඇල්ලීමේ වාර්ෂික වැඩසටහනට යුරෝපීය සංගමය සහ තවත් රටවල් 12කින් විරෝධතා එල්ල වී තිබේ. කෙසේ නමුත් තල්මසුන් අල්ලා ගනුයේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි ජපානය අවධාරණය කරයි. 18 December 2017
ලොව කාර්යබහුලම ගුවන් තොටුපොළ අඳුරේ විදුලිබලය බිඳ වැටීම හේතුවෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා හි හාර්ට්ස්ෆීල්ඞ් ජැක්සන් ඇට්ලන්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් දහසකට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවිය. 18 December 2017
ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයේ භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉදිරියට පැමිණ තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන ප්‍රාන්තය වනුයේ ද ගුජරාට් ප්‍රාන්තයයි. 18 December 2017
ජාවා දූපතේ භූකම්පනයෙන් දෙදෙනෙක් මරුට රිච්ටර් මාපාංක 6.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදුවී ඇතැයි වාර්තා වේ. සිකුරාදා (15) රාත්‍රී 10.17ට පමණ සිදුවූ මෙම භූකම්පනයෙන් දෙදෙනකු මියගොස් හත් දෙනකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. මධ්‍යම ජාවා හි රෝහලකට සහ ගොඩනැගිලි සියයකට පමණ හානි සිදුවී ඇත. 16 December 2017
ප්‍රංශයේ පාසල් බස්රථ අනතුරෙන් 4ක් මරුට ප්‍රංශයේ දකුණු දිග පර්පිග්නන් ප්‍රදේශය ආසන්නයේ දුම්රියක් හා පාසල් බස් රථයක් ගැටීමෙන් දරුවන් හතර දෙනකු මියගොස් 20ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 15 December 2017
මියන්මාරයේ ගැටුම් වලින් මාසයකදී රෝහින්ග්‍යාවරු 6700ක් මරුට මියන්මාරයේ රඛයින් පළාතේ ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පසුගිය අගෝස්තු 24වනදා සිට සැප්තැම්බර් 24දක්වා කාලය තුළ රෝහින්ග්‍යාවරුන් 6700ක් පමණ මියගොස් ඇතැයි සරණාගතයින් සම්බන්ධව කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. 14 December 2017
ඊශ්‍රායලය ගාසා කපොල්ල වසා දමයි ගාසා දේශසීමා කපොල්ල වසා දමන බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලෙම හඳුනාගැනීමත් සමඟ ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල වන්නට වී තිබේ. 14 December 2017
ට්‍රම්ප්ට අනපේක්ෂිත පරාජයක් වසර 25කට පසු ඇලබාමා ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනට් සභාවේ ආසනයක් දිනාගැනීමට සමත්වූ පළමු ඩිමොක්රටික් පක්ෂ සාමාජිකයා බවට පත්වීමට ඩග් ජෝන්ස් සමත්ව තිබේ. 13 December 2017
රුසියාව - ඉන්දියාව හා චීනය පොදු එකඟතාවක ජාත්‍යන්තර කටයුතුවලදී නීතියේ ආධිපත්‍ය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රුසියාව, ඉන්දියාව සහ චීනය එකඟතාවකට එළැඹ තිබේ. 12 December 2017
න්‍යෂ්ටික අත්හදා බැලීම් සීමා කිරීමේ සාකච්ඡා දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් සීමා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. 12 December 2017
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026