(සිරංගිකා ලොකුකරවිට )
මෙම සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ජූලි මස 27වන දින දර්ශනය වන බව නාසා ආයතනය පවසයි.
ලෝහිත චන්ද්‍රග්‍රහණය ලෙස නම් කර ඇති මෙය ඉදිරි වසර 82 තුළ දක්නට ලැබෙන වඩාත්ම දීප්තිමත් පූර්ණ චන්ද්‍රග්‍රහණය වේ.
චන්ද්‍රග්‍රහණයට පැයකුත් විනාඩි 45ක කාලයක් ගතවන බැවින් මෙය සුවිශේෂී අවස්ථාවක් බව විද්‍යාඥයෝ පවසති. මෙම කාලය තුල පෘථිවියේ සෙවනැල්ලෙන් වැසී යන චන්ද්‍රයා රතු පාටින් දිස්වන බැවින් බ්ලඩ් මූන් හෙවත් ලෝහිත සඳ ලෙස හඳුන්වයි. ජූලි 27 වනදා පස්වරුවේ ආරම්භ වන චන්ද්‍රග්‍රහණය අවසන් වන්නේ 28 වනදා අලුයම් කාලයේය.
බටහිර අප්‍රිකාව, නැගෙනහිර ආසියාව හා දකුණු ඇමරිකාවට චන්ද්‍රග්‍රහණය හොඳින් දර්ශනය වේ.
මෙම චන්ද්‍රග්‍රහණය උතුරු ඇමරිකාවට හා ඇමරිකානු එක්සත්ජනපදයට දර්ශනය නොවනු ඇති බව පැවසේ.
(විදෙස් පුවත් ඇසුරිණි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රවෘත්තිය සාස්තර කාරයින්ට බොරු කීමට අපහසුතාවක් වනු ඇත.
මේ පච ජෝතිෂ කාරයෙන්ට චන්ද්‍රග්‍රහණය ගැන කිසිදු අනාවැකියක් පළකළ නොහැක. නාසා අායතන ප්‍රකාශයට පත්කළ පසු මෙම බඩගෝස්තරවාද කල්ලිය මිනිසුන් බයකර බඩ වඩා ගනී. ලංකාවේ බත්කන හරක් මෙම අවද්‍යාවේම ගැලී සිටී. තම දරුවන්ද මෙම මගම අැදගෙන යති.