IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මිසයිල යුද අභ්‍යාස නතර කිරීමට ජපානය තීරණය කරයි

ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී)

උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත් ආරක්ෂා වීම සඳහා වාර්ෂිකව පවත්වන ‘මිසයිල යුද අභ්‍යාස’ නතර කිරීමට ජපානය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර පැවැති ඓතිහාසික සාකච්ඡාවලින් පසු ඇති වී තිබෙන යහපත් තත්ත්වය පදනම් කරගනිමින් ජපන් රජය එම තීරණය ගෙන ඇතැයි එරට මාධ්‍ය අද (21) වාර්තා කර තිබිණි. 

ජපාන රජයේ නිලධාරීන් කිසිවකුත් මිසයිල යුද අභ්‍යාස නැවැත්වීමට ගෙන ඇති තීරණය තහවුරු නොකළ නමුත් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ මිසයිල යුද අභ්‍යාස නවත්වන ලෙසත් අදාළ අභ්‍යාස ක්‍රියාත්මක කරන පිරිස්වලට උපදෙස් ලැබී ඇති බවත් එම නිලධාරියකු උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. 

මිසයිල ප්‍රහාරයකට මුහුණ දීම සඳහා ජපානය වාර්ෂිකව මෙම ‘මිසයිල යුද හා මුදා ගැනීමේ අභ්‍යාස’ පැවැත්වේ. යුදමය මෙන්ම සිවිල් වැසියන්ට සහභාගී කරවා ගනිමින් ජපානය මෙම අභ්‍යාස පවත්වයි.

මෙවර අභ්‍යාසය උතුරු ටෝකියෝවේ ටොචිගි ප්‍රාන්තයේ යයිටා නගරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. ඊට නගර වැසියන් 800කට ආසන්න පිරිසක් සහ පාසල් සිසුන් 350කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතව තිබිණි. 

055



අදහස් (1)

මිසයිල යුද අභ්‍යාස නතර කිරීමට ජපානය තීරණය කරයි

කුලසින්හ පද්මකුමාර Thursday, 21 June 2018 06:57 PM

අතීතයෙ ජපානය සහ ජර්මනිය මුලු ලෝකයටම තරජනයක් වී තිබූ රටවල් දෙකක්, අවට රටවල් සහ ලෝකය තමා නතු කර ගෙනීමට මෙම රටවල් දෙකෙම අරමුන වී තිබුනි , කෙසේ හෝ ලෝක යුද්ධයෙන් පරාජය වීමෙන් පසු බටහිර ලෝකයට ඇමරිකාව ඇතුලු මෙම රටවල් දෙකම යටපත් වී ඔවුන්ගේ අතකොලු වුනි , අද එම රටවල් දෙකම ඇමරිකාව සහ යුරොපෙයේ බලවත් රටවල් කියනා ආකරයට තම පාලනය ආකල්ප නොසිතු අන්දමට වෙනස් කර ගන්නට සිදුවී තිබේ

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site