ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී)
උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත් ආරක්ෂා වීම සඳහා වාර්ෂිකව පවත්වන ‘මිසයිල යුද අභ්‍යාස’ නතර කිරීමට ජපානය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර පැවැති ඓතිහාසික සාකච්ඡාවලින් පසු ඇති වී තිබෙන යහපත් තත්ත්වය පදනම් කරගනිමින් ජපන් රජය එම තීරණය ගෙන ඇතැයි එරට මාධ්‍ය අද (21) වාර්තා කර තිබිණි.
ජපාන රජයේ නිලධාරීන් කිසිවකුත් මිසයිල යුද අභ්‍යාස නැවැත්වීමට ගෙන ඇති තීරණය තහවුරු නොකළ නමුත් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ මිසයිල යුද අභ්‍යාස නවත්වන ලෙසත් අදාළ අභ්‍යාස ක්‍රියාත්මක කරන පිරිස්වලට උපදෙස් ලැබී ඇති බවත් එම නිලධාරියකු උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
මිසයිල ප්‍රහාරයකට මුහුණ දීම සඳහා ජපානය වාර්ෂිකව මෙම ‘මිසයිල යුද හා මුදා ගැනීමේ අභ්‍යාස’ පැවැත්වේ. යුදමය මෙන්ම සිවිල් වැසියන්ට සහභාගී කරවා ගනිමින් ජපානය මෙම අභ්‍යාස පවත්වයි.
මෙවර අභ්‍යාසය උතුරු ටෝකියෝවේ ටොචිගි ප්‍රාන්තයේ යයිටා නගරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. ඊට නගර වැසියන් 800කට ආසන්න පිරිසක් සහ පාසල් සිසුන් 350කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතව තිබිණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයෙ ජපානය සහ ජර්මනිය මුලු ලෝකයටම තරජනයක් වී තිබූ රටවල් දෙකක්, අවට රටවල් සහ ලෝකය තමා නතු කර ගෙනීමට මෙම රටවල් දෙකෙම අරමුන වී තිබුනි , කෙසේ හෝ ලෝක යුද්ධයෙන් පරාජය වීමෙන් පසු බටහිර ලෝකයට ඇමරිකාව ඇතුලු මෙම රටවල් දෙකම යටපත් වී ඔවුන්ගේ අතකොලු වුනි , අද එම රටවල් දෙකම ඇමරිකාව සහ යුරොපෙයේ බලවත් රටවල් කියනා ආකරයට තම පාලනය ආකල්ප නොසිතු අන්දමට වෙනස් කර ගන්නට සිදුවී තිබේ