බ්‍රසල්ස්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ තීරුබදුවලට එකට එක කිරීමක් ලෙස යුරෝපා සංගමය අද (22) ඇමෙරිකා නිෂ්පාදන මත සියයට 25ක බද්දක් පැනවීමට තීරණය කළේය.
යුරෝපා සංගමයේ රටවල් ඇමෙරිකාවට අපනයනය කරන වානේ සහ ඇලුමිනියම් මත තීරුබදු පැනවීමට ජනාධිපති ට්‍රම්ප් මේ මස මුලදී පියවර ගත්තේය. යුරෝපා සංගමය මෙලෙස ඇමෙරිකා නිෂ්පාදන මත බදු පැනවූයේ ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය.
යුරෝපා සංගමය ගන්නා ලද මෙම පියවරත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඇති වෙමින් තිබෙන වෙළෙඳ යුද්ධය සම්පූර්ණ වෙළෙඳ යුද්ධයක් බවට පත්වනු ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරයා චීන නිෂ්පාදන මත බදු තීරු බදු පැනවීමට තීරණය කළ අතර ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස චීනය ද ඇමෙරිකා නිෂ්පාදන මත බදු පැනවීය. ඒත් සමඟ දෙරට අතර වෙළෙඳ යුද්ධයක් ඇති වූ අතර යුරෝපා සංගමයත් ඇමෙරිකා නිෂ්පාදන සමඟ බදු පැනවීමත් සමඟ ගෝලීය වෙළෙඳ යුද්ධයක් ඇති වී තිබේ.
ඇමෙරිකාව එක් පසකට වනවිට ඇමෙරිකාවේ මිත්‍ර රටවල් වන යුරෝපා සංගම් රටවල් සහ ඇමෙරිකාවේ ප්‍රතිපාර්ශවය වන චීනය තවත් පසකට වී තිබේ. ඇමෙරිකාවේ බදු පැනවීමේ තීරණ අසාධාරණ සහ අයුක්තිසහගත යැයි චීනය පමණක් නොව ඔවුන්ගේ මිත්‍ර රටවල් ද චෝදනා කරයි.
යුරෝපා කලාපයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථ ආනයනය කිරීම නැවැතීමට හෝ ඒවා මත තීරු බදු පැනවීමට පියවර ගන්නා බවට ද ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.
ඊයේ (22) ගන්නා ලද තීරණයට අනුව යූරෝ බිලියන 2.8ක ( ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3.2ක) ඇමෙරිකා එක්සත් ජනපද නිෂ්පාදන යුරෝපා සංගමයේ වෙළෙඳ කොමිසම අනුමැතිය දී තිබේ.
“අප මේ දේ කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. අපට මෙවැන්නක් කරන්න ඕන වුණේ නැහැ. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒකපාර්ශවීය සහ අසාධාරණ තීරණ නිසා අපට වෙන තෝරාගැනීමක් නැතිවුණා” යැයි යුරෝපා සංගම් වෙළෙඳ කොමිසමේ කොමසාරිස් සිසිලියා මාල්ම්ස්ත්‍රොම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් මහත්මයා මේ යන්නේ 70 දශකයේ ලංකාවේ සිරිමාවෝ මැතිනිය ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇති කිරීමේ රටාවට අතිශයින්ම සමාන අකාරයෙන් බව පැහැදිලියි. මෙහිදී 75%ක් රටට හිතකර අතර ඉතිරි 25% රටට අහිතකර වේ. එහෙත් රටක පැවැත්ම ස්ථීර වීමට නම්, 75% ප්‍රතිලාභය අනුමත කල යුතුව ඇත. නමුත් ලෝකයේ ඉදිරියට එන්නේ අමුද්‍රව්‍යයන්ගේ අහේනි යුගයක් බැවින් ඊට මුහුණදීමට ඇමෙරිකාව අපොහොසත්වනු ඇත...
දැන් කෝ අර ඇමෙරිකාව කියන විවෘත ආර්ථිකය. තමන්ට අවාසි වෙනකොට ආර්ථිකය වහ ගන්නවා. වාසි වෙනකොට විවෘත කරනවා...
ආර්තිකය කලමනාකරනයට මෙහමයි කියල මොඩලයක් ඉදිරිපත් කරන්න බෑ වෙනස් වෙන ලෝකෙක. කාලෙන් කාලෙට මොඩලය වෙනස් කරන්න වෙනවා. ඒක කොයි රටටත් පොදු කාරනයක්.
දැන් ඇමෙරිකාව නැවතත් හොයන්නේ යුද්ධයක්.. ඇමෙරිකාව පාලනය කරන යුදෙව්වන්ගේ එකම ආශාව ඔවුන්ගේ යුධ අයුධ සහ නවීන බෝම්බ විකුණා ගැනීමයි... ඒ සඳහා යුද්ධයක් තිබිය යුතුයි. හැබැයි හැම යුද්ධයකින්ම අන්තිමට ඇමෙරිකාව පරාජයක් මයි ලැබුවේ... එය යුදෙව්වන්ට ප්‍රශ්නයක් නොවෙයි.. අායුධ විකුණුනාද? සල්ලි ලැබුණාද? එපමණයි.. ට්‍රම්ප් මේ යන්නේ ඒ ගමනයි..