උතුරු කොරියානු දූත පිරිසක් දකුණු කොරියාවට ලබන මස පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කටයුතුවලට සම්බන්ධ වීම සඳහා උතුරු කොරියානු දූත පිරිසක් දකුණු කොරියාවට පැමිණ තිබේ. 21 January 2018
කාබුල් නුවර ප්‍රහාරයකින් 5ක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ‘ඉන්කොන්ටිනෙන්ටල්’ හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් පස් දෙනකු මියගොස් අට දෙනෙක් තුවාල ලැබූහ. 21 January 2018
නවසීලන්ත අගමැතිනියට අලුත් වගකීමක් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් අද (19) හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් තමා ගැබිනියක බවත් ලබන ජූනි මාසයේදී දරු ප්‍රසූතිය අපේක්ෂා කරන බවත් නිවේදනය කළාය. 19 January 2018
මගීන් 224ක් රැගත් යානය දෝශයක් නිසා නැවත හරවා යවයි ඕස්ට්‍රේලියාවේ සිඩිනි නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගමන් කරමින් තිබූ මගීන් 224ක් රැගත් ගුවන් යානයක තාක්ෂණික දෝශයක් නිසා සිදුවූ දෙදරීමක් හේතුවෙන් යානය ආපසු ඕස්ට්‍රේලියාව වෙත හරවා යැවීමට සිදුවී ඇත. 19 January 2018
ඉකුත් වසරේ චීනයේ දරු උපත් සංඛ්‍යාවේ අඩුවීමක් ලොව වැඩිම ජනගහනයකට හිමිකම් කියන රට වන චීනය එරට එක්දරු උපත් ප්‍රතිපත්තිය ඉවත් කරමින් යුවලවලට දරුවන් දෙදෙනකු හැදීමට අවසර දුන්නද ඉකුත් වසරේදී එරට උපත් සංඛ්‍යාව අඩු වී ඇතැයි සංඛ්‍යාදත්ත සඳහන් කරයි. 19 January 2018
යුරෝපයේ සුළි කුණාටුවකින් 8 ක් මරුට උතුරු දිග යුරෝපය හරහා හමාගිය දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් ගිණිනිවන සේවකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් අටදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ ජර්මනියේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වී සිටි සේවකයන් දෙදෙනෙකි. 19 January 2018
ට්‍රම්ප් පිළිතුරු දෙන්න සූදානම් ඉකුත් 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ කවුන්සිලය හමුවේ පෙනි සිටීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නොවිසිල්ලෙන් බලා සිටින බව ජනාධිපතිවරයාගේ නීතිඥවරයා අද (18) පැවසීය. 18 January 2018
සිරියානු සාම සාකච්ඡා ලබන සතියේ සිරියානු සාම සාකච්ඡාවල නව සාකච්ඡා වටයක් ලබන සතියේදී පැවත්වෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.ඔස්ට්‍රියාවේ වියානා හිදි ලබන 25 සහ 26 දෙදින එම සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 18 January 2018
කසකස්ථාන බස් ගින්නෙන් 52ක් මරුට කසකස්ථානයේ වයඹ දිග ප්‍රාදේශීය මාර්ගයක ගමන් ගනිමින් තිබූ බස් රථයක් ගිනි ගැනීමෙන් උස්බෙක් ජාතිකයන් 52දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 18 January 2018
මියන්මාර් උද්ඝෝෂණයකට වෙඩි - හතක් මරුට මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ විරෝධතාවයේ යෙදුන බෞද්ධාගමිකයන් පිරිසකට පොලිසිය විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාර වලින් හත්දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 18 January 2018
ඉන්දියාවේ ගොන්පොර ක්‍රීඩාවෙන් පහක් මියයති ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජල්ලිකට්ටු නමින් ප්‍රසිද්ධ ගොන් පොර ක්‍රීඩාව නරඹමින් සිටි පස් දෙනකු ගොනුන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි වාර්තා වේ. 17 January 2018
ලොව පස්වැනි විශාලතම දියමන්තිය හමුවෙයි ලොව පස්වැනි විශාලතම දියමන්තිය යැයි සැලකිය හැකි දියමන්තියක් ලෙසතෝ රාජ්‍යයේ පතලකින් සොයාගනු ලැබ තිබේ. 16 January 2018
දරුවන් 13දෙනා සිරකරගෙන සිටි දෙමාපියන් අත්අඩංගුවේ තම දරුවන් 13දෙනා ශාරීරික පීඩාවන්ට ලක්කරමින් නිවසේ සිරකර තබාගෙන සිටි යුවලක් අත්අඩංගුවට ගත් බව කැලිෆෝනියානු ප්‍රාන්ත පොලිසිය පවසයි. සමහර දරුවන් ඇඳන් වලට තබා දම්වැල් හා ඉබි යතුරු දමා තිබුනු බවද අඳුරු අපවිත්‍ර පරිසරයක රඳවා සිටි බවද පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී ඇත. 16 January 2018
වැඩිම සංචාරක ආකර්ෂණය ප්‍රංශයට ලොව වැඩිම සංචාරක ආකර්ෂණයක් තිබෙන රට බවට ප්‍රංශය යැයි ද දෙවැනි තැනට ඇමෙරිකාව අභිබවමින් ස්පාඤ්ඤය ද පත්ව ඇතැයි ද ලෝක සංචාරක සංවිධානය සඳහන් කරයි. 16 January 2018
ටියුනිසියාවේ විරෝධතාවලින් 937 ක් අත්අඩංගුවට සති දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ පවතින විරෝධතා අතරවාරයේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු 930කට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි ටියුනීසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 16 January 2018
ඉන්දියාව සහ ඊශ්‍රායල අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඊශ්‍රායලය සහ ඉන්දියාව අතර එකඟත්වය පළ වී තිබේ. නිදහස් වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් වැඩි අවශ්‍යතාවක් ඇත්තේ ඊශ්‍රායලටය. නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ ඉන්දීය සංචාරයේදී අවධානය යොමු වීමට නියමිතය. 15 January 2018
ඉන්දුනීසියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 72කට තුවාල ඉන්දුනීසියාවේ ජකර්තා නුවර විනිමය හුවමාරු මධ්‍යස්ථානයක ප්‍රවේශ ශාලාව කඩා වැටීමෙන් 72දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූ අයගෙන් වැඩි දෙනා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බවත් කොන්ක්‍රීට් තට්ටු හා සුන්බුන් කඩාවැටීම හේතුවෙන් තුවාල සිදුවී ඇති බවත් බලධාරීහු පවසති. 15 January 2018
සැල්මොනෙල්ලා බැක්ටීරියාව නිසා ප්‍රංශ කිරිපිටි කම්හල අනතුරක ප්‍රංශයේ ප්‍රසිද්ධ කිරි ආශ්රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවකින් සැල්මොනෙල්ලා බැක්ටීරියාව සොයාගැනීමෙන් අනතුරුව ඔවුන් වෙළඳපොළට නිකුත් කරනු ලැබ තිබූ නිශ්පාදන ආපසු ගෙන්වා ගැනීමට සිදුවී ඇතැයි වාර්තා වේ. 15 January 2018
බෝම්බ පිපිරීමකින් ඉරාකයේ 25ක් මරුට ඉරාකයේ බැග්ඩෑඩ් නගර මධ්‍යයේ ටයරන් චතුරස්රයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 25 දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 15 January 2018
පේරුහි භූ කම්පනයකින් දෙදෙනෙක් මරුට පේරු රාජ්‍යයේ අද(14) උදෑසන අැති වූ රිච්ටර් මාපාංක 7.1ක ප්‍රභල භූමිකම්පාවක් හේතුවෙන් දෙදෙනකු මියගොස් 65දෙනකු තුවාල ලබා අැතැයි වාර්තා වේ. කම්පනයේ කම්පන කේන්ද්‍රය අකාරි නගරයට කිලෝමීටර් 40ක් දුරින් හා කිලෝමීටර් 36ක් ගැඹුරින් පැසිෆික් සාගරෙය් පිහිටා තිබූ බව අැමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසයි. 15 January 2018
ටියුනීසියා වැසියෝ වීදි බසිති ටියුනීසියා වැසියෝ (14) අද විදීවලට පැමිණ අරාබි වසන්තයෙන් පසු වසර හතක් ගත වීම සිහිපත් කළහ. 14 January 2018
ෆිෆිලි දූපත අසල බෝට්ටුවක් ගිලෙයි තායිලන්තයේ දකුණු දිග ෆි ෆි ලි දූපත ආසන්නයේ සංචාරකයන් රැගත් අධිවේගී බෝට්ටුවක් ගිලී යෑමෙන් 16දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 14 January 2018
මුම්බායි මුහුදේ යාත්‍රාවක් ගිළී පිරිසක් අතුරුදන් ඉන්දියාවේ මුම්බායි නගරයට එපිටින් මුහුදු තීරයේ බෝට්ටුවක් ගිලීයෑමෙන් අතුරුදන් වූ දරුවන් සොයා මෙහෙයුම් සිදුකරන බව වාර්තා වේ. අනතුරටපත් වූ බෝට්ටුවේ පාසැල් දරුවන් 40දෙනකු ගමන් කර ඇති බවද එයින් තිස්දෙදෙනකු බේරාගෙන ඇති බවද වෙරළ ආරක්ෂක සේවය පවසයි. 13 January 2018
සෞදියේ කාන්තාවන්ට තිබූ නීති රීති ළිහිල් කෙරෙයි ඉතිහාසයේ ප්‍රථම වතාවට සෞදි අරාබියේ කාන්තාවන්ට ප්රේක්ෂකාගාරයකට ගොස් සජීවීව පාපන්දු තරඟයක් නැරඹීමේ අවස්ථාව හිමි වී ඇති බව වාර්තා වේ. 13 January 2018
ට්‍රම්ප් ලන්ඩන් යන්න බෑ කියයි ලබන මාසයට යෙදී තිබූ බ්‍රිතාන්‍ය සංචාරය අවලංගු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබේ. 12 January 2018
මුහුණු පොතේ වෙනස්කම් කිහිපයක් ලොව විශාලතම සමාජ ජාලය වන ‘ෆේස්බුක්’ සමාජ ජාලයට ඉදිරියේදී වෙනස්කම් කිහිපයක් හඳුන්වාදෙන බව එහි ප්‍රධාන විධායක නිලධාරී මර්ක් සකර්බර්ග් පවසයි. 12 January 2018
දැරිය දූෂණයට එරෙහි විරෝධතාවයෙන් දෙදෙනකු මියයති පකිස්ථානයේ කසූර් දිස්ත්‍රික්කයේ අවුරුදු හතක දැරියක් දූෂණය කර ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීමට විරෝධය පලකරමින් පොලිසියට එරෙහිව සිදුකල විරෝධතා වලදී දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 11 January 2018
අතුරුදන් යානය සොයන්න ඩොලර් මිලියන 70 ක ගිවිසුමක් අතුරුදන් වූ එම් එච්370 මැලේසියා ගුවන් යානයේ සෙවීම් කටයුතු ඇමරිකානු සාමුද්‍රික ගවේෂණ කණ්ඩායමකට බාරදීම සඳහා ගිවිසුම් අත්සන් කළ බව මැලේසියාව පවසයි. 11 January 2018
කැළිෆෝනියා ප්‍රාන්තයේ ගංවතුර හා නායයෑම් වලින් 13ක් මරුට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර හා නායයෑම් ඇතිවී 13 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 10 January 2018
කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් කැරිබියන් මුහුදේ අද (10) අලුයම් කාලයේ සිදුවූ ප්‍රබල භූමි කම්පාවේ කම්පනය හොන්ඩ්‍යුරාස් දූපත්, මෙක්සිකෝව සහ බ්‍රසීලය වෙත දැනී ඇති බව වාර්තා වේ. 10 January 2018
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026