වොෂින්ටන්හිදීය (රොයිටර්)
උතුරු කොරියාව සිය පළමු අන්තර්මහද්වීපික බැලැස්ටික මිසයිලය නිෂ්පාදනය කළ කර්මාන්තශාලාව මෑතකදී නැවත වරක් භාවිත කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් බුද්ධි තොරතුරු සොයන චන්ද්‍රිකාවක් විසින් ගන්නා ලද ඡායාරූපවලින් ඒ බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හරින බව පොරොන්දු වී තිබෙන මොහොතක නව ක්‍රියාකාරකම් සිදු වී තිබේ.
උතුරු කොරියාවේ සනුම්ඩොන්ග් හි මෙම කර්මාන්තශාලාව පිහිටා තිබෙන අතර කර්මාන්තශාලාව තිබෙන ප්‍රදේශයට වාහන ඇතුළු වන අයුරුත් වාහන පිටවන අයුරුත් චන්ද්‍රිකා ඡායාරූප සහ අධෝරක්ත ඡායාරූපවලින් පෙන්නුම් කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.
කෙසේ නමුත් කර්මාන්තශාලාව තුළ මිසයිල නිෂ්පාදනය කෙරෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් කළ නොහැකි යැයි ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරියෙක් පැවැසීය.
මීට අදාළ එක් ඡායාරූපයක් පමණක් මාධ්‍යයට නිකුත් කර තිබෙන අතර අනෙකුත් සොයාගැනීම් සහ බුද්ධි තොරතුරු රහස්‍ය තොරතුරු ලෙස වර්ගීකරණය කරනු ලැබ තිබේ.
055
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාව යළිත් මිසයිල නිපදවා ඇතැයි ඇමෙරිකාව කියයි