උතුරු සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ට හිතවත් නගර දෙකකින් සිවිල් වැසියන් දහස් ගණනක් ඉවත් කරගත් බව එරට බලධාරීහු අද (19) ප්‍රකාශ කළහ.
වසර හතක සිරියානු සිවිල් යුද්ධයේ දීර්ඝතම කාලයක් එක් ප්‍රදේශයකට කොටු වී සිටි ජනතාව මෙම නගර දෙකේ සිටී ජනතාව යැයි ද පැවසේ. මේ අනුව සිවිල් වැසියන් ඉවත් කර ඇත්තේ ඉඞ්ලිබ් පළාතේ ෆුවා සහ කෆ්රයා යන නගරවලිනි.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට හිතවාදී පිරිස් සිටින නගර දෙකක වූ මෙම නගර දෙක ආණ්ඩු විරෝධී කැරැලිකරුවන් විසින් වට කර තිබිණි.
මෙම නගර දෙක ෂියා බහුතරයක් ජීවත්වූ නගර දෙකකි. හයාත් තහ්රිර් අල් ෂාම් කැරැලිකරුවන් වසර තුනකට ආසන්න කාලයක් මෙම නගර වටකර තිබිණි. හයාත් තහ්රිර් අල් ෂාම් කැරැලිකරුවන් යනු ජිහාද් සන්ධානයක් වන අතර සිරියාවේ හිටපු අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සිරියානු රෙජීමයට විරෝධී සංවිධානයකි.
කැරැලිකරුවන් ඉලක්ක කරගනිමින් සිරියානු රජයේ හමුදා ප්‍රහාර එල්ල කළ ද මෙම නරග සිරියානු රෙජීමයට මෙන්ම ඔවුන්ගේ මිතුරන් වන ඉරානයටත් දැඩි බරක්ව පැවැතුණි.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දක්වන රුසියාව සහ කැරැලිකරුවන්ට සහාය දක්වන තුර්කිය අතර ඇති කරගත් එකඟතාවත් මත නගරවලින් සිවිල් වැසියන් ඉවත් කරගැනීමට සිරියානු රජයට අවස්ථාව උදා විය. එම ගිවිසුම අනුව අත්අඩංගුවේ පසුවන සිරකරුවන් නිදහස් කිරීමට සිරියානු රජය කටයුතු කළේය.
055
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණ්ඩුවට හිතවත් නගර දෙකකින් සිවිල් වැසියන් ඉවත් කරගනී