(සෝල්හිදීය (රොයිටර්)
උතුරු කොරියානු හමුදාවේ ප්‍රධානියා ලෙස රි යොන්ග් ගිල් පත් කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය අද (27) තහවුරු කළේය.
මෙම පත් කිරීම උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් එරට ක්‍රියාත්මක කරන වෙනස්කම්වලින් එකකි. උතුරු කොරියානු නායකයා පසුගිය කාලයේදී අමාත්‍යධුර, හමුදාවේ තනතුරු ආදී කිහිපයක්ම වෙනස් කළේය.
එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමේදීත් ආර්ථිකය දෙස අවධානය යොමු කිරීමේදීත් වයස්ගත පිරිස් වෙනුවට තමන්ට පක්ෂපාතී තමන්ගේ අණ සහ නියෝග කරන නව නිලධාරීන් පත් කිරීමට කිම් ජොන් කටයුතු කරමින් සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීහු සහ විශ්ලේෂකයෝ පවසති.
රි යොන්ග් ගිල් තරු හතරේ ජෙනරාල්වරයකු වූ අතර 2016 වසරේදී ඔහු නියෝජ්‍ය ප්‍රධානී ධුරයට පහත දැමූ අතර තරු තුනක් ද ඉවත් කළේය. ඊට නිශ්චිත හේතු මොනවාදැයි වාර්තා නොවීය.
ඔහුට අමතරව පළමු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළ නෝ ක්වැන්ග් චොල් ආරක්ෂක ප්‍රධානී තනතුරටත්, එරට හමුදා ජෙනරාල්වරයකු වන කිම් සූ ගිල් කොරියානු හමුදාවේ බලවත්ම ඒකකය වන දේශපාලන අංශයේ ප්‍රධානී තනතුරට ද පත් කරනු ලැබ සිටී.
අලුතෙන් තනතුරුවලට පත් කර සිටින නිලධාරීන් සියලු දෙනා අවුරුදු 60 වයස් සීමාවේ පසුවූවත් ඔවුන්ට කලින් සිටි නිලධාරීන්ට වඩා වයසින් අඩුවීම ද විශේෂත්වයකි.
(055)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාවේ හමුදා ප්‍රධානියා ලෙස ‘රි යොන්ග් ගිල්‘ පත් කරයි