ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ ටේබල් රොක් විලෙහි ගමන් කරමින් තිබූ "ඩක් බෝට්" වර්ගයේ යාත්‍රාවක් පෙරළී යෑමෙන් 11දෙනකු මියගොස් ඇත.
මෙම අවස්ථාවේ අතුරුදන් වූ පස්දෙනකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව බලධාරීහු පවසති.
යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 30දෙනකු පමණ ගමන්කර ඇති බවත් කුණාටු සහිත කාළගුණික තත්ත්වයක් පැවති බවත් වාර්තා වී ඇත.
හත් දෙනකු රෝහල් ගත කැර ඇති බවත් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවසේ.
මෙය දිය ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි වාහනයකි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd