බීජීංහිදීය (ඒ.එෆ්.පී)
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති වූ වෙළෙඳ යුද්ධය උග්‍ර වූ නිසා දෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධනය මන්දගාමී වූයේ යැයි චීනය සඳහන් කරයි. වෙළෙඳ යුද්ධය තවදුරටත් පැවැතිය හොත් ඉන් ගෝලීය හානියක් සිදුවිය හැකි යැයි ද චීනය අනතුරු අඟවයි.
ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථිකය අප්‍රේල්-ජූනි කාලයේදී සියයට 6.7කින් පුළුල් වූ අතර එය පළමු කාර්තාවේදී සියයට 6.8 හා සැසඳීමේදී පහත වැටීමකි.
ඇති වූ තිබෙන වෙළෙඳ යුද්ධය තවදුරටත් උග්‍ර වනු ඇතැයි යුරෝපා සංගමය සහ චීනය එක්ව බීජිං නුවර පැවැත්වූ සමුළුවකට එක්වෙමින් යුරෝපා සංගමයේ ප්‍රධානී ඩොනල්ඞ් ටස්ක් පැවැසීය. එමෙන්ම ඇමෙරිකාව, චීනය සහ රුසියාව මෙම අර්බුදයට කඩිනමින් විසඳුම් සෙවිය යුතු යැයි ද ටස්ක් පැවැසීය.
කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වුවද දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය චීන රජයේ වාර්ෂික වර්ධන ඉලක්කය වූ සියයට 6.5ට වඩා වැඩිය. කෙසේ නමුත් රට අභ්‍යන්තරයේත් ඉන් පිටතදීත් චීනය ඉතා සංකීර්ණ පරිසරයට මුහුණ දෙන බව එරට ජාතික සංඛ්‍යාදත්ත ආයතනයේ ප්‍රකාශක මාඕ ෂෙන්ග්යොන්ග් පැවැසීය.
තම ආර්ථිකය ආරක්ෂා කරගැනීමේදී බහුවිධ අරගලයකට මුහුණ දී සිටී. ණය කන්ද අඩු කරගැනීමේදීත් යුවාන් මුදල් ඒකකය ආරක්ෂා කරගැනීමේදීත් සහ කටා වැටෙන චීන කොටස් වෙළෙඳපොළ චීනය හමුවේ තිබෙන අභියෝගය.
“ලෝක වෙළෙඳ ආරක්ෂණවාදය වැඩි වෙමින් තිබෙනවා.
ලෝක ආර්ථික යථා තත්ත්වයට පත්වීම කෙරෙහි එය විශාල අභියෝගයක් වී තිබෙනවා. එය අපට තවත් අභියෝගයක් වගේම අවිනිශ්චිතතාව තවදුරටත් වැඩි කරනවා” යැයි මාවෝ කීවේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ යුද්ධය ආරම්භ වූවා පමණක් යැයි සඳහන් කළ මාවෝ මේ වසරේ දෙවැනි අර්ධයේදී ද තත්ත්වය තක්සේරු කරන බව ද කීවේය.
055
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙළෙඳ යුද්ධය නිසා ආර්ථික වර්ධන වේගය මන්දගාමී වුණා - චීනය