ලෝකයේ ලස්සනම මාවතෙන් තනතුර මාරුවන ප්රංශ ජනපති
වසර 5ක සේවා කාලය අවසන් කොට පස් වසරකට පත්වූ නව ජනපති නීත්යනූකූලව දිව්රුම් දෙන ප්රංශයේ සම්ප්රදායානුකූල බලය හුවමාරු කිරීමේ උත්සවය මැයි 14 වැනි ඉරු දින උදේ 10 ට ප්රංශ ජනාධිපති මැදුරේදි (එලිෂේ පැලස්) උත්කර්ෂවත් ලෙස පැවැත් වූයේය. මෙම සම්ප්රදානුකූල නිල උත්සවයට අනුකූලව නව ජනාධිපති තම නිල වාහනයෙන් ජනපති නිල මැදුරේ මැද මිදුලට පැමිණෙයි. මැද මිදුල වටා රාජ්ය ආරක්ෂකයෝ හා එම තූර්ය වාදක කණ්ඩායම් සීරුවෙන් පෙළ ගැසී සිටීති.