බංගලාදේශයේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව සඳහන් කරමින් අන්තර්ජාතික පුවත්පත් ආයතනය එරට අගමැතිනි ෂීක් හසීනාට ලිපියක් යවා ඇත.
පසුගිය කාලයේදී මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බවත් අත්අඩංගුවට පත්ව සිටින ඡායාරූප මාධ්‍යවේදී ෂහිදුල් අලාම් කඩිනමින් නිදහස් කළ යුතු බව ද එම ලිපිය මගින් අන්තර්ජාතික පුවත්පත් ආයතනය බංග්ලාදේශ අගමැතිනියට දන්වා ඇත.
බංගලාදේශය අත්සන් කර තිබෙන ප්‍රඥාප්තිවලට අනුව ෂහිදුල් අලාම් අත්අඩංගුවට ගැනීම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දරුණු ලෙස උල්ලංඝණය කිරීමක් යැයි ද අන්තර්ජාතික පුවත්පත් ආයතනය බංග්ලාදේශ අගමැතිනියට යැවූ ලිපියේ සඳහන්ව ඇත.
ජනමාධ්‍යවේදීන්ට එරෙහිව අඛණ්ඩව ප්‍රහාර ආරම්භ කරන බවත් ඊට අග්‍රාමාත්‍යවරියගේ පක්ෂයේ ආධාරකරුවන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් අන්තර්ජාතික පුවත්පත් ආයතනය සඳහන් කර ඇත.
ව්‍යවස්ථාවෙන් මෙන්ම අන්තර්ජාතික ප්‍රඥාප්තිවලට අනුව ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙස අන්තර්ජාතික පුවත්පත් ආයතනය බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනාගෙන් ඉල්ලා ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd