නවදිල්ලිහිදීය (ඒ.එෆ්.පී)
වසර 2022 දී මිනිසුන් සහිත අභ්‍යාවකාශය මෙහෙයුමක් දියත් කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (15) ප‍්‍රකාශ කළේය.
ඉන්දියාවේ 72 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නවදිල්ලි නුවර රතු බලකොටුවේ පැවැති උත්සවයේදී දීර්ඝ කතාවක් කරමින් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ බව කීවේය.
වසර 2022 දී හෝ හැකියාවක් ලැබුණහොත් ඊට පෙර හෝ ඉන්දීය ධජය රැගත් ඉන්දීය පුරවැසියකු අභ්‍යාවකාශයට යැවීමට කි‍්‍රයා කරන බවත් ඉන්දීය ධජය රැගෙන යන පුරවැසියා පිරිමියකු හෝ කාන්තාවක හෝ විය හැකි යැයි බවත් මෝදි අග‍්‍රාමාත්‍යවරයා පැවැසීය.
එසේ මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුමක් දියත් කළ සිව්වැනි රට බවට ඉන්දියාව පත්වන බව ද අගමැති මෝදි මෙහිදි කීය. මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව හා චීනය එවැනි මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුම් දියත් කර තිබේ.
මේ අතර ලබන වසරේදී මිනිසුන් රහිත අභ්‍යාවකාශ මෙහෙයුමක් දියත් කරන බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පසුගිය සතියේ නිවේදනය කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට නරකද වැසිකිලි ටික හදලා දුන්නනම්.
රොකට් එක හදන්නේ ඉන්දියාවේද? එහෙනම් අභ්‍යාවකාශයේත් ගරාජ්, ස්පෙයා පාර්ට් කඩ එහෙම දන්න වෙයි.
ලෝකෙට පේන්න බොරු සෝබන දාන්නේ නැතුව අර වැසිකිළි ටික හදලා දෙන්න, බඩගින්නට මැරෙන මිනිස්සුන්ට කැම ටිකක් දෙන්න
මෙයාලා කන්න නැතුව ඉඳගෙන බල්ලන්ට හැට්ට මහණව.
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" මම හිතුවේ අපි විතරයි කියලා... බලනකොට මේ ගොල්ලොත් එහෙමයි..
අම්මේ හා එච්චරයි අඩු ඉන්දියවට ගිය අය දන්නවා ඉන්දියාවේ තරම...
මේ වැඩ ඉතින් තමන් ලෝකේ බලවතක් බව ලෝකයාට පෙන්වන්න හොඳයි. හැබැයි දන්නෝ දනිති. ලංකාවේ නම් මේ වෙලාවේ පාලකයෝ පහුගිය කාලේ වගේ රොකට් අරින්න අාවොත් නියත වශයෙන්ම මිනිස්සු එකතු වෙලා පාලකයින් ටිකත් එ් රොකට් එකට දාලා උඩ අරිනවා බිම නොවැටෙන්න.
මොනවා කීවත් ඉන්දියාව අපේ රටට වැඩිය මොනතරම් දියුණුද...අපි මොනවාද හදන්නේ...? ඇල්පෙනෙත්තක්වත්...ලැජ්ජයි.
ඔබ තුමා ගියානම් හරි ඒකෙ
රොකට් හදන්න ඉස්සරවෙලා ප්‍රමිතියකට වහනයක් හදන්න, ඉන්දියන් වාහන අවරුදු 3-4 යනකොට ලෙඩ දෙන්න පටන්ගන්නවා, මලකඩ හැලෙනවා, අවුරුදු 2-3 යනකොට මාර්කට් එක නිකම්ම අඩුවෙනවා, ඔය රොකට් එක ඉන්දියාවේ හැදුවොත් ඕකේ යන මනුස්සයට ඕකට නගින්න ඉස්සරවෙලා අන්තිම කැමති පත්‍රය ලියන්න කියන්න
හලෝ ලොකු උන්නැහේ, ඉස්සෙල්ල අර කේරල ප්‍රාන්තයේ වෙලාතියෙන්න වින්නැහියට පිහිටවෙලා, ආයේ එවැනි විපත්ති සිදුනොවෙන්න ඔය සල්ලි වියදම්කරලා කේරලයට ලැබෙන අධික වැසිජලය තමිල්නාඩුවට හරවන්න, එතකොට තමිල්නාඩුවේ ගොවියෝ මුළු ඉන්දියාවටම අවැසි ආහාර නිෂ්පාදනය කරාවි.
උඩුගුවනට රොකට් එකක් යැවුවා කියලා, අර කල්කටාවේ සහ ඉන්දියාවේ අනිකුත් ප්‍රදේශවල මන්දපෝෂණයෙන් පෙලෙන මිලියන කිහිපයක් වන මිනිස්සුන්ගේ කුසගිනි නිවෙනවද? කොච්චි වල ඉඩ නැති නිසා මිනිස්සු යන්නේ වහලේ, ඔය සල්ලි වලින් කොච්චි පෙට්ටි ටිකක් අරගන්න එක හොඳ නැද්ද ?