මාතරම්හිදීය (ඒ.එෆ්.පී)
ඉන්දුනීසියාවේ ජිලී දූපත්වලින් විදේශිකයන් ඇතුළු සංචාරකයන් 1,200කට වැඩි පිරිසක් ඉවත් කිරීමට එරට බලධාරිහු අද (9) පියවර ගත්හ.
පසුගිය ඉරිදා සහ අද (9) ජිලී දූපත් ආසන්නයේ ලොම්බොක් දූපතේ සිදු වූ භූ කම්පන හේතුවෙන් බලධාරිහු එලෙස සංචාරකයන් ඉවත් කළහ.
ලොම්බොක් දූපතට පසුගිය ඉරිදා බලපෑ භූ කම්පනයෙන් 91 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර සිය ගණනක් තුවාල ලැබූහ.
පසුගිය සති දෙකක කාලයේදී ඇති වූ භූ කම්පන හේතුවෙන් මේ වනවිට ඉන්දුනීසියාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඉන්දුනීසියාව යනු සුප්‍රකට සංචාරක පරාදීසයකි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd