පිලිපීනයේ නායයෑමකින් 32ක් මරුට පිලිපිනයට බලපෑ දරුණු සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ නායයෑමකින් 32දෙදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බෙන්ග්වෙට් පළාතේ පතල් කර්මාන්තයේ යෙදෙන්නන් වෙසෙන ඉටගොන් නගරයේ මෙම නායයෑම සිදුව ඇත. 17 September 2018
චීන සහ ඇමෙරිකා හමුදා සුව සේවා හුවමාරු සම්මේලනයක් චීන සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදා එක්ව සංවිධානය කරන කලාපීය යුද හමුදාවල සුව සේවා හුවමාරු සම්මේලනයක් අද (17) ආරම්භ විය. 17 September 2018
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන ජනමත විමසුමක් ඉල්ලයි බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳව නැවත වරක් ජනමත විමසුමක් පැවැත්විය යුතු යැයි ලන්ඩන් පුරපති සදීක් ඛාන් පවසයි. 17 September 2018
රුසියාවට ඇමෙරිකාවෙන් චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පනවන ලද සම්බාධක කඩ කළ තම ජාතිකයන් ආරක්ෂා කිරීමට රුසියාව කටයුතු කරමින් සිටින බවට ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකි හේලී බ්‍රහස්පතින්දා (14) චෝදනා කළාය. 14 September 2018
නයිජීරියාවේ සිනමා ශාලාවක සිදුවු වෙඩි තැබීමකින් 11ක් මරුට නයිජීරියාවේ වයඹ දිග සම්ෆාරා පළාතේ ග්‍රාමීය සිනමා ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 11දෙනකු මියගොස් 20දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 14 September 2018
ඇමෙරිකාවේ සමඟ ඇති සබඳතා යථාතත්වයට පත්කිරිමට රුසියාව සුදානම්ලු අවුල්ජාලයක් බවට පත්ව තිබෙන ඇමෙරිකාව සමඟ තිබෙන සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට රුසියාව සූදානම් බව එරට විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් පැවැසීය. 13 September 2018
ලොවපුරා පිළිකා රෝගීන් සීග්‍ර ලෙස වැඩිවන බව පර්යේෂකයෝ කියති ලොවපුරා මේ වනවිට පිළිකා රෝගීන් මිලියන 18.1ක් අළුතින් හඳුනාගෙන ඇතැයි පිළිකා සම්බන්ධ පර්යේෂණ කරන ජාත්‍යන්තර සංවිධානයක් වාර්තා කර ඇත. 13 September 2018
ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපයට යළිත් දරුණු සුළි කුණාටුවක් ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපයේ උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා හා වර්ජිනියා ප්‍රදේශවලට සිකුරාදා වනවිට පැමිණෙතැයි බලාපොරොත්තු වන ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශවල ජිවත් වන ජනතාවට ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇත. 12 September 2018
චීනයේ මගීන් පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් 9ක් මරුට චීනයේ දකුණු දිග හුනාන් පළාතේ වීදියක ගමන්කරමින් සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදීමෙන් 09දෙනකු මියගොස් 43දෙනකු තුවාල ලබා ඇත. 12 September 2018
තෙලංගානාහිදි බස් රථ අනතුරකින් 52ක් මරුට ඉන්දියාවේ තෙලංගානා ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 52දෙනකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 11 September 2018
ගෑස් ටැංකියක් පුපුරා නයිජිරියාවේ 35 ක් මරුට නයිජීරියාවේ උතුරුදිග නසරවා ප්‍රාන්තයේ ගෑස් ටැංකියක් පුපුරා යෑමෙන් 35දෙනකු මියගොස් සියයක් පමණ තුවාල ලබා ඇත. 11 September 2018
චීන ආයෝජන වලින් ආරම්භ කළ සංවර්ධන කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මකයි චීන ආයෝජන ඇතිව ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේය. 10 September 2018
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉන්දියාවේ විරෝධතා ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළට යෑමට විරෝධය පළ කරමින් ඉන්දියාවේ ස්ථාන රැසක අද (10) විරෝධතා පැවැත්විණි. 10 September 2018
ලිබියාවේ තෙල් සංස්ථා ගොඩ නැගිල්ලේ වෙඩි පත්තුවේ අවිගත් පිරිසක් ලිබියාවේ ට්‍රිපොලි නුවර ජාතික තෙල් සංස්ථා ගොඩනැගිල්ලට ඇතුළු වී වෙඩි තබා ඇති අතර සිද්ධියෙන් අවම වශයෙන් හතර දෙනකුවත් මියයන්නට ඇති බව පැවසේ. 10 September 2018
වසර 50ක් රට පාලනය කරනවා - භාරතීය ජනතා පක්ෂය නායකයා කියයි භාරතීය ජනතා පක්ෂය තවත් වසර 50ක් රට පාලනය කරන බව එම පක්ෂයේ සභාපති අමිත් ෂා ඉරිදා (9) පැවැසීය. 10 September 2018
ප්‍රංශයේ හමුදා වැඩවලට ගන්න චන්ද්‍රිකා අලුත්වැඩියා කරන්න ඩොලර් බිලියන 4.2 ක් හමුදා කටයුතු සඳහා යොදාගන්නා චන්ද්‍රිකා අලුත්වැඩියා කිරීම සහ උසස් කිරීම සඳහා ප්‍රංශය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.2ක මුදලක් ආයෝජනය කරන බව එරට ආරක්ෂක අමාත්‍ය ෆ්ලෝරන්ස් පාලි අද (9) ප්‍රකාශ කළාය. 10 September 2018
2022 දී නව ඉන්දියාවක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ වසර 2022 දී නව ඉන්දියාවක් ගොඩනගන බව භාරතීය ජනතා පක්ෂය අද (9) ප්‍රකාශ කළේය. 09 September 2018
අමිත් ෂා සභාපති ධූරයේ දිගටම ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය අවසන් තෙක් අමිත් ෂා භාරතීය ජනතා පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කරන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 08 September 2018
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඇෆ්ගනිස්තානයේ සංචාරයක ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැටිස් රහසේම ඇෆ්ගනිස්තානයේ සංචාරයක නිරත වී ඇතැයි ‘ද හින්දු’ පුවත්පත අද (7) වාර්තා කළේය. 07 September 2018
මෙක්සිකෝවේ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166ක් මෙක්සිකෝවේ නැගෙනහිර වැරකෲස් ප්‍රාන්තයේ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166ක් හමුවී තිබේ. 07 September 2018
සිරියානු වැසියන් ඉඩ්ලිබ් පළාත අතහැර පලා යති සිරියානු සිවිල් වැසියන් සිය දහස් ගණනින් එරට ඉඞ්ලිබ් පළාත අත්හැර පලා යමින් සිටින බව වාර්තා වේ. ඉඞ්ලිබ් පළාත යනු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව සටන් වදිනා කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන අවසන් පළාතයි. 06 September 2018
ඉරාන තෙල් ආනයනය නැවැත්වීමට ඇමෙරිකාව - ඉන්දියාව සාකච්ඡා ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සවිස්තර සාකච්ඡාවක් පැවැත්වූ බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 06 September 2018
කාබුල් නුවර ප්‍රහාරයකින් 20 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර මල්ලව පොර ක්‍රීඩාගාරයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 20ක් පමණ මියගොස් 70ක් තුවාල ලබා ඇත. 06 September 2018
ඩොනල්ඞ් ට්‍රම්ප් සිරියාවට , ඉරානයට සහ රුසියාවට අනතුරු අඟවයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහ ඔහුගේ මිතුරන් වන ඉරානයට සහ රුසියාවට අද (5) අනතුරු ඇඟවීය. 05 September 2018
දකුණු කොරියානු ජනපතිගෙන් උතුරු කොරියානු ජනපතිට ලිපියක් දකුණු කොරියානු දූත පිරිසක් එරට ජනාධිපති මූන් ජේ ඉන් ගේ ලිපියක් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට බාර දී ඇතැයි දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය අද (5) නිවේදනය කළේය. 05 September 2018
ඇමෙරිකා ඩොලරය ඉරාන රියාල් 150,000කට විකිණෙයි ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනවීමත් සමඟ ඉරානයේ රියාල් මුදල් ඒකකයකට සාපේක්ෂව වාර්තා ගත අයුරින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 150,000 දක්වා ඉහළ ගොස් ඇතැයි එට විදේවිනිමය වෙබ් අඩවි වාර්තා කර ඇත. 05 September 2018
ඩොලර් ටි්රලියනය ඉක්මවූ ලොව දෙවැනි සමාගම බවට ඇමසන් පත්වෙයි කොටස් වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි්රලියනය ඉක්මවූ ලොව දෙවැනි සමාගම බවට පත්වීමට ඇමසන් සමාගම අද (4) සමත්විය. 04 September 2018
හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ මියයයි ඇෆ්ගන් කැරැල්ලේ භයානකම සහ බලසම්පන්නම කණ්ඩායමක් ලෙස සලකනු ලැබූ හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ ජලාලුදීන් හකානි මියගොස් ඇතැයි තලේබාන් සංවිධානය අද (4) නිවේදනය කළේය. 04 September 2018
බොටිස්වානා අභය භූමියක් ආසන්නයේ ඇත්තු 90ක් ඝාතනය කරලා බොට්ස්වානාහි ඔකවැන්ගෝ ඩෙල්ටා වන සත්ව අභය භූමිය ආසන්නයේ අලි ඇතුන් 90ක් පමණ ඝාතනය කර තිබී හමුවූ බව වාර්තා වේ. 04 September 2018
දකුණු අප්‍රිකාවේ පිපිරුමකින් 8 ක් මරුට දකුණු අප්‍රිකාවේ කේප් නගරය ආසන්නයේ පිහිටි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරුමකින් 8 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 04 September 2018
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026