සෝල්හිදීය (රොයිටර්)
දකුණු කොරියානු දූත පිරිසක් එරට ජනාධිපති මූන් ජේ ඉන් ගේ ලිපියක් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට බාර දී ඇතැයි දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය අද (5) නිවේදනය කළේය.
දකුණු කොරියානු දූත පිරිස උතුරු කොරියාවේ එක්දින නිල සංචාරයක නිරත වෙමින් උතුරු කොරියානු නායකයාට අදාළ ලිපිය බාර දී තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතර හමුවක් මේ මාසයේදී පැවැත්වීමට තීරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියානු දූත පිරිස එලෙස උතුරු කොරියාවේ සංචාරයක නිරත වෙමින් ජනාධිපති මූන් ජේ ඉන්ගේ ලිපිය උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට ද බාර දී තිබේ.
එම සාකච්ඡාව සාර්ථකව පැවැත්වුණහොත් එය උතුරු දකුණු නායකයන් අතර පැවැත්වෙත තෙවැනි හමුව එය වනු ඇත.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd