IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන ජනමත විමසුමක් ඉල්ලයි

ලන්ඩන්හිදීය (රොයිටර්)


බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳව නැවත වරක් ජනමත විමසුමක් පැවැත්විය යුතු යැයි ලන්ඩන් පුරපති සදීක් ඛාන් පවසයි. 


බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ‘බ්‍රෙක්සිට්’ යනුවෙන් හඳුන්වයි. බි‍්‍රතාන්‍යය අගමැතිනිය ‘බ්‍රෙක්සිට්’ සාකච්ඡා නිසි ලෙස හසුරුවන්නේ නැතැයි ද ලන්ඩන් පුරපතිවරයා චෝදනා කරයි.

 
‘‘බ්‍රෙක්සිට් සාකච්ඡා අවුල් ජාලයක් වෙලා. හරියට මඩ ගොහුරක ගිලිලා වගේ. සාකච්ඡා සම්පූර්ණයෙන් අවහිර වෙලා. රට හානිකර මාවතකට ගමන් කරමින් සිටිනවා’’ යැයි ලන්ඩන් පුරපති සදීක් ඛාන් ‘සන්ඬේ ඔබ්සවර්’ පුවත්පතට ලිපියක් ලියමින් සඳහන් කර ඇත.

  
බි‍්‍රතාන්‍යය ලබන වසරේ මාර්තු 29 වැනි දා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය. කෙසේ නමුත් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කර ඇති ‘බ්‍රෙක්සිට් සැලසුම්’ තවමත් අනුමත වී නැත. ඇතැම් මන්ත‍්‍රීවරු ද සහ ව්‍යාපාරික නායකයන් ද අවසන් තීරණය සම්බන්ධයෙන් නැවත වරක් ජනමත විමසුමක් පැවැත්විය යුතු පවසති.  


එහෙත් ජනමත විමසුමක් අවශ්‍ය නැතැයි බි‍්‍රතාන්‍යය අගමැතිනිය අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කළාය. ජනමත විමසුමක් අවශ්‍ය නැතැයි පවසන බි‍්‍රතාන්‍යය අගමැතිනිය මන්තී‍්‍රවරුන් කළ යුත්තේ අවසාන ගිවිසුම පිළිගැනීම හෝ එසේ නොකිරීම යැයි ද පවසන්නීය. 


බි‍්‍රතාන්‍යය කම්කරු පක්ෂයේ ඇතැම් පිරිස් ද ලන්ඩන් පුරපතිවරයාගේ අදහසට සහාය පළ කරති. දෙවැනි ජනමත විමසුමක් පැවැත්වුවහොත් කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින්ට ද දැඩි පීඩනයක් එල්ලවනු ඇතැයි ලන්ඩන් පුරපතිවරයාගේ මතය අනුමත කරන එම පක්ෂයෙක් තවත් අයෙක් පැවැසීය. 

055



අදහස් (0)

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන ජනමත විමසුමක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 773 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site