පිලිපිනයට බලපෑ දරුණු සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ නායයෑමකින් 32දෙදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.  බෙන්ග්වෙට් පළාතේ පතල් කර්මාන්තයේ යෙදෙන්නන් වෙසෙන ඉටගොන් නගරයේ මෙම නායයෑම සිදුව ඇත.
 
පතල් කම්කරුවන්ට ඉවත්වන ලෙස දැනුම් දී තිබුණද ඔවුන් ඉවත්ව නොගොස් සිටීම හේතුවෙන් මෙම අනතුරට ලක්වූ බව පොලිසිය පවසයි.
 
සහන සේවකයින් මහත් පරිශ්‍රමයක් දරමින් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමක යෙදී සිටින බව වාර්තා වේ.
 
මෙම පිරිසත් සමග මැංහට් සුළි කුණාටුවෙන් පිලිපීනයේ මියගිය සංඛ්‍යාව 60ක් දක්වා ඉහල ගොස් ඇත.
 
මෙම සුළි කුණාටුව හේතුවෙන් බොහෝ පිරිස් අවතැන් වු අතර දේපල, නිවාස හා වගා බිම් විශාල ප්‍රමාණයකට ද හානි සිදුවිය.
 
(බිබිසි ඇසුරිණි - 085)