ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර මල්ලව පොර ක්‍රීඩාගාරයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 20ක් පමණ මියගොස් 70ක‍් තුවාල ලබා ඇත.
බෝම්බ දෙකක් පුපුරා ගිය බවත් මාධ්‍යවේදීන් දෙදෙනකු ද මියගිය අය අතර සිටින බවත් වාර්තා වී ඇත.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් ශ්‍රියා මුස්ලිම් බහුතරයක් වෙසෙන මෙම දිස්ත්‍රික්කයේ නිරන්තරවම මෙවැනි ප්‍රහාර සිදුවන බව පවසයි.
පසුගිය අප්‍රේල් මාසයේ ද බීබීසී වාර්තාකරුවකු ප්‍රහාරයක දී මියගිය අතර ඇෆ්ගනිස්ථානය මාධ්‍යවේදීන් සඳහා භයානකම රටවල් අතරින් තෙවැනි ස්ථානයට පත්ව ඇති බව පැවසේ.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd