ඉඞ්ලිබ්හිදීය (ඒ.එෆ්.පී)
සිරියානු සිවිල් වැසියන් සිය දහස් ගණනින් එරට ඉඞ්ලිබ් පළාත අත්හැර පලා යමින් සිටින බව වාර්තා වේ. ඉඞ්ලිබ් පළාත යනු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව සටන් වදිනා කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන අවසන් පළාතයි.
රුසියාවේ සහ ඉරානයේ සහාය ඇතිව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයේ හමුදා ඉඞ්ලිබ් පළාතට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව පසුගිය දින කිහිපයේදීම වාර්තා විය.
ඉඞ්ලිබ් පළාතේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු, ඉරාන සහ තුර්කි ජනාධිපතිවරුන් හමු වීමට නියමිතව තිබෙන අවස්ථාවක මෙලෙස සිවිල් වැසියෝ එම පළාත අත්හැර පලා යමින් සිටිති.
නොසැලකිලිමත් ලෙස ඉඞ්ලිබ් පළාතට ප්‍රහාර එල්ල කළහොත් මහා විනාශයක් වනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (5) සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ මිත්‍ර රටවල් වන ඉරානයට සහ රුසියාවට අනතුරු ඇඟවීය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd