කොටස් වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව දෙවැනි සමාගම බවට පත්වීමට ඇමසන් සමාගම අද (4) සමත්විය.
මීට පෙර අගෝස්තු 2 වැනිදා වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව පළමු පෞද්ගලික සමාගම බවට පත්වීමට ලෝ ප‍්‍රකට ඇපල් සමාගම සමත්විය. ඊට පෙර චීන රජයට අයත් සමාගමක් 2007 වසරේදී වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවා තිබිණි.
ඇමසන් සමාගම ලොව විශාලතම අන්තර්ජාල වෙළෙඳ (සිල්ලර වෙළෙන්ඳා) ලෙස හැඳින්වේ.
ව්‍යාපාරික ජෙෆ් බෙසෝස් විසින් 1994 වසරේ දී වොෂින්ටනයේ සියැටල්හිදී මෙම සමාගම් ආරම්භ කරන ලදි. වසර 25කට අඩු කාලයකදී සිල්ලර බඩු, වීඩියෝ ප‍්‍රදර්ශනය ආදී සේවා පහසුකම් රැසක් සැපයීමට ඇමසන් සමාගම සමත්ව තිබේ. පසුගිය වසරේදී ඇමසන් සමාගමේ ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 178ක් යැයි පැවැසිණි.
සුප‍්‍රකට ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේද ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ය. අඟහරුවාදා (4) වනවිට ඔහුගේ ශුද්ධ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 167ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
773
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව දෙවැනි සමාගම බවට ඇමසන් පත්වෙයි