ඩුබායිහිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනවීමත් සමඟ ඉරානයේ රියාල් මුදල් ඒකකයකට සාපේක්ෂව වාර්තා ගත අයුරින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 150,000 දක්වා ඉහළ ගොස් ඇතැයි එට විදේවිනිමය වෙබ් අඩවි වාර්තා කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ සම්බාධකත් සමඟ එරට ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇතයි පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක් අද (5) රියාල් 150,000කට විකිණී ඇතැයි ද අඟහරුවාදා (4) ඩොලරයක් විකිණී ඇත්තේ ඉරාන රියාල් 138,000කට යැයි බොන්බාස්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.
මෙලෙස ඩොලර් විකිණී ඇත්තේ නිලනොවන වෙළෙඳපොළවල යැයි ද වාර්තා වේ. බසාර් 360 වෙබ් අඩවියට අනුව ඩොලරයක් විකිණී ඇත්තේ ඉරාන රියාල් 150,000කට වන අතර මෙස්ගාල් ඔන්ලයින් වෙබ් අඩවිය නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඉරාන රියාල් මුදල් ඒකකයකට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 152,530ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුර්වල ආර්ථික තත්ත්වය, ඉරාන බැංකු මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා සහ ඉරාන ජාතිකයන් අතර ඩොලරය සඳහා තිබෙන ඉහළ ඉල්ලුම යන කරුණු හේතුවෙන් මේ වසරේ ගත වූ කාලයේදී ඉරාන රියාල් මුදල් ඒකකයට එහි අගයෙන් තුනෙන් දෙකක් අහිමි වී තිබේ.
2015 වසරේදී අත්සන් තබන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමත් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කළ සම්බාධක නැවත පැනවීමත්, ඊට අමතරව නව සම්බාධක පැනවීමත් යනාදී කරුණු නිසා ඉරානයේ තෙල් සහ අනෙකුත් අපනයන නවතිනු ඇතැයි බොහෝ පිරිසක් බිය පළ කරති.
055
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා ඩොලරය ඉරාන රියාල් 150,000කට විකිණෙයි