ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැටිස් රහසේම ඇෆ්ගනිස්තානයේ සංචාරයක නිරත වී ඇතැයි ‘ද හින්දු’ පුවත්පත අද (7) වාර්තා කළේය.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජිම් මැටිස් සහ එරට හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු අද (7) ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට පැමිණි ඇති අතර එහිදි එරට සිටින නේටෝ හමුදාවල නව අණදෙන නිලධාරියා හමු වී ඇත. එම හමුවේදී ඔවුන් තලේබාන් සංවිධානය සමඟින් පැවැත්වෙන සාම සාකච්ඡාවල ප්‍රගතිය, ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ක්‍රමිකව බිඳ වැටීම සහ එරට රජයේ තිබෙන අර්බුදකාරී තත්ත්ව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
ආරක්ෂක ලේකම් ජිම් මැටිස් ඇෆ්ගනිස්තානයට පැමිණ ඇත්තේ ඒකාබද්ධ හමුදා කාර්යමණ්ඩලයේ සභාපති මැරීන් සෙබළ ජෙනරාල් ජෝසප් ඩන්ෆෝර්ඞ් සමඟින් යැයි වාර්තා විය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර 62 දෙක හිතන විදිහට දැන් ඇමරිකාවේ සිවිල් යුද්දයක් ඇති. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් භයේ ඇෆ්ගනිස්තානයට ඇවිල්ලා. අනේද කියන්නේ