IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දු - චීන සබඳතා යහපත් මට්ටමක - චීන ආරක්ෂක ඇමති

බීජිංහිදීය (රොයිටර්)
 
ඉන්දියාව සහ චීනය අතර සබඳතා යහපත් අතට හැරී ඇතැයි චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග්හි ප්‍රකාශ කර ඇත.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වීමෙන් පසු ඔහු ඒ බව ප්‍රකාශ කර තිබේ.ඉන්දියාව සහ චීනය අතර මිත්‍රත්වය ඈත අතීතය දක්වා විහිද යන බවත් ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත යුතු බවත් ඔහු එහිදි සඳහන් කර ඇත. 
 
පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චීනයේ නිල නොවන සංචාරයක නිරත වූ අතර එහිදි ඔහු චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමු වී සාකච්ඡා පැවැත්වීය. එහිදී දෙරට අතර සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කළ යුතු බවටත් රටවල් දෙක අතර විවෘත සාකච්ඡා පැවැත්විය යුතු බවටත් නායකයෝ දෙදෙනා එකඟතාව පළ කළහ. 
 
දෙරටට මායිම්වන හිමාලයානු දේශසීමාවේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් දෙරට අතර යුද්ධයක් ද ඇතිවීමේ අවදානමක් තිබුණු පසුබිමක නායකයෝ දෙදෙනා එසේ හමු වී සාකච්ඡා පැවැත්වූහ. 
 
වසර 1962 ඇති වූ කෙටි යුද්ධයත් දේශසීමා අර්බුදත් නිසා ආසියානු කලාපයේ බලවතුන් දෙදෙනා චීනය සහ ඉන්දියාව අතර තවමත් නොහොඳ නෝක්කාඩු පවතී. 
 
055 



අදහස් (0)

ඉන්දු - චීන සබඳතා යහපත් මට්ටමක - චීන ආරක්ෂක ඇමති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site