පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් හතක් මියයති පාකිස්ථානයේ බලුකිස්ථාන පළාතේ ප්‍රධාන නගරය වන ක්වෙටාහි සිදුවු බෝම්බ පිපිරීමකින් හත්දෙනකු මියගොස් 23දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 09 January 2018
යාත්‍රාවක් පෙරළීමෙන් සරණාගතයෝ 64ක් මරු දකිති මධ්‍යධරණී මුහුද හරහා යාත්‍රා කළ සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට එපිටින් මුහුදු තීරයේදි ගිලියෑමෙන් 64දෙනකු පමණ මියගොස් ඇතැයි එම ප්‍රදේශයේ ක්‍රියාත්මක මානවහිමිකම් සංවිධාන පවසයි. 09 January 2018
ලොව මිල අධිකතම නිවස සෞදියේ ඔටුන්න හිමි කුමරුට ලෝකයේ වඩාත්ම මිල අධිකම පෞද්ගලික නිවාසය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වූ වර්තමාන සෞදි රාජ්‍ය පාලනයේ දෙවැනියා වන මොහොමඩ් බින් සල්මාන් කුමාරයා විසින් පසුගියදා ප්‍රංශයේ අග නගරය පැරීසියට නුදුරු ඉව්ලින් ප්‍රදේශයේ ලූව්සිඑන් ග්‍රාමයෙන් යුරෝ මිලියන 275 ක් හෙවත් ඩොලර් මිලියන 300 කට මිලදී ගත්තේ ය. 09 January 2018
බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ වෙනසක් බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ වෙනසක් කිරීමට එරට අගමැතිනි තෙරේසා මේ තීරණය කර ඇතැයි වාර්තා වේ.එසේ වුවත් විදේශ, මුදල් සහ ‘බ්‍රෙක්සිට්’ අමාත්‍යවරුන්ගේ වෙනසක් නොවනු ඇතැයි ද පැවසේ.කැබිනට් මණ්ඩලයේ වෙනසක් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිනිය තීරණය කරන ලද්දේ එරට නියෝජ්‍ය අගමැතිවරයාගේ ධුරයෙන් පහ කිරීමත් සමඟය. 08 January 2018
‘සේද මාවත අපිටත් අයිතියි’ - ප්‍රංශ ජනපති චීනයේ ‘එක් මාවතක් එක් මාර්ගයක්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනය සහ යුරෝපය එක්ව කටයුතු කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසයි. 08 January 2018
චීන මුහුදු තීරයේ අනතුරට පත් නැවේ 32ක් අතුරුදන් චීනයේ නැගෙනහිර මුහුදු තීරයේදී තෙල් නැවක් හා භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් තෙල් නැවෙහි සිටි නාවිකයන් 32ක් අතුරුදන්ව ඇතැයි චීන රජය පවසයි. 08 January 2018
දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරින් මියගිය ගණන 18ක් දක්වා ඉහලට දකුණු අප්‍රිකාවේ සිදු වූ දුම්රිය අනතුරින් මියගිය ගණන 18ක් දක්වාත් තුවාල ලැබූ සංඛ්‍යාව 254ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. පෝට් එළිසබෙත් සිට ජොහැන්නර්ස්බර්ග් වෙත ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්වූ අතර දුම්රිය පෙට්ටි කිහිපයකටම දැඩි ලෙස හානි විය. 05 January 2018
ඇමෙරිකාවේ රැකියේ නිර්මාණය පහතට ඉකුත් දෙසැම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයේ රැකියා නිර්මාණය කිරීමේ හැකියාව පහත වැටී ඇතැයි එරට රාජ්‍ය දත්ත සඳහන් කරයි.එම කාලයේදී නිෂ්පාදන හා ඉදි කිරීම් ක්ෂේත්රවලින් රැකියා උත්පාදනය වුවද සමස්තයක් ලෙස බලන විට ආර්ථිකයේ රැකියේ නිර්මාණය වීම කනගාටුදායක තත්ත්වයකට පත්ව තිබේ. 05 January 2018
ඊජිප්තුවේ සංචාරක වායු බැලූන අනතුරකින් එක් අයෙකු මරුට ඊජිප්තුවේ ලක්සර් නගරයේදී සංචාරකයින් රැගත් උණුසුම් වායු බැලූනයක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගොස් ඇත්තේ දකුණු අප්‍රිකානු ජාතිකයෙකු බවත් අනතුර සිදුවන අවස්ථාවේ බැලූනයේ 20දෙනකු ගමන් කර ඇති බවත් බලධාරීහු පවසති. 05 January 2018
උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර සාකච්ඡාවක් ලබන සතියේ සාකච්ඡා සඳහා දකුණු කොරියානු පාර්ශවයෙන් ඉදිරිපත් වූ යෝජනාව උතුරු කොරියාව විසින් පිළිගනු ලැබ තිබේ. 05 January 2018
ඉරානයේ ආණ්ඩුවට එරෙහිව කළ විරෝධතාවලදී 500ක් අත්අඩංගුවට ඉරානයේ පැවත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතා අතර වාරයේදී 500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. වැටුප්, රැකියා ආදී ආර්ථික දුෂ්කරතා රැසක් මුල් කරගනිමින් දෙසැම්බර් 6 වැනිදා ආරම්භ වූ විරෝධතා පැවැත්වෙන්නේ හය වැනි දිනටය. 04 January 2018
දකුණු අප්‍රිකාවේ දුමිරිය අනතුරෙන් 100කට තුවාල දකුණු අප්‍රිකාවේ ෆ්‍රී ස්ටේට් පළාතේ ක්රූන්ස්ටැඩ් නගරය ආසන්යේ ගමන්ගත් දුමිරියක් ට්‍රක් රථයක ගැටී ගිනිගැනීම හේතුවෙන් හතර දෙනකු මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 04 January 2018
ඇමරිකාවේ ජනාවාස ඇතිවීම පිළිබඳ තොරතුරු අණාවරනයවේ ඇලස්කාවේ අප්වර්ඩ් සන් රිවර් පුරාවිද්‍යා කැණීම් භූමියේ තිබී 2013 වර්ෂයේ සොයාගනු ලැබූ සති හයක් වයසැති දැරිවියකගේ ඇටසැකිල්ලෙන් ඇමරිකාවේ ජනාවාස ඇතිවීම සම්බන්ධව බොහෝ තොරතුරු අණාවරනය කරගැනීමට හැකිවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. 04 January 2018
චීනයේ යාත්‍රාවක් ගිලී 10 ක් අතුරුදන් චීනයේ ෂැංහයි නගරයට නුදුරින් නැංගුරම්පළක ගිලී ගිය යාත්‍රාවේ සිටි කාර්යමණ්ඩලයේ 10 දෙනකු සොයා මෙහෙයුම් සිදුකරන බව චීන මාධ්‍ය වාර්තා කර ඇත. ටොන් 5000 ක වානේ තොගයක් රැගත් මෙම නෞකාව තවත් බඩු ප්‍රවාන නෞකාවක ගැටීමෙන් අනතුරට ලක්විය. 04 January 2018
ඉන්දියාව ඊශ්‍රායලයෙන් මිසයිල මිලට ගනී ඊශ්‍රායලයෙන් ගොඩබිම සිට ගුවනට විදිය හැකි මිසයිල 131 ක් මිලදී ගැනීමට සූදානම් බව යැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. 04 January 2018
රෙස්කියාහි අනතුරකින් හයක් මරුට ඉතාලියේ උතුරු දිග බ්රෙස්කියාහි මාර්ගයක ගමන්ගත් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් දරුවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 03 January 2018
ට්‍රම්ප් උතුරු කොරියාවට රතු එළි දල්වයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නැවත වරක් උතුරු කොරියාවට අනතුරු අඟවා තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් උතුරු කොරියාවට මෙලෙස අනතුරු ඇඟවූයේ උතුරු කොරියාවේ තරුණ නායකයා අලුත් අවුරුදු උදාවේදී කරන ලද ප්‍රකාශයත් සමඟය. 03 January 2018
පේරු රාජ්‍යයේ බස් අනතුරින් 36 ක් මරුට පේරු රාජ්‍යයේ ලිමා අගනුවරට උතුරින් පැසමයූ ප්‍රදේශයේ ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වී ප්‍රපාතයකට ඇදවැටීම හේතුවෙන් 36 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරින් දිවි බේරාගත් හයදෙනෙක් රෝහල් ගත කළ බව බලධාරීහු පවසති. 03 January 2018
ඇමෙරිකාව උතුරු කොරියාව සමඟ යුද වදින්න ළඟයිලු ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයකට මැදි වීමේ සමීප අවස්ථාවක් වර්තමානය වනවිට නිර්මාණය වී ඇතැයි ඇමෙරිකා හමුදාවේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙක් අනතුරු අඟවයි. 02 January 2018
ඉරාන විරෝධතාවලින් 10ක් මරුට ඉරානයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් මියගිය ගණන 10 දක්වා ඉහළ ගොස් ඇතැයි ද අත්අඩංගුවට පත් පිරිස 200 ඉක්මවා ගොස් ඇතැයි ද එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 01 January 2018
එකමුතුකමෙන් තොර පැවැත්මක් නෑ - එජා මහ ලේකම් නව වසර උදාවේදී ලෝකයට අනතුරු ඇඟවීම් කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි. 01 January 2018
ගුවන් යානයක් ගඟට වැටී 6 ක් මරුට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට උතුරින් කොවාන් ප්‍රදේශයේ ගංගාවකට සී ප්ලේන් වර්ගයේ යානයක් කඩා වැටීමෙන් හය දෙනක් මියගොසේ ඇතැයි වාර්තා වේ. 01 January 2018
රැජිනිකාන්ත්ගෙන් නව දේශපාලන පක්ෂයක් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව ඉන්දීය ද්‍රවිඩ සිනමාවේ සුප්‍රකට නළුවකු වන රැජිනිකාන්ත් අද (31) ප්‍රකාශ කළේය. 31 December 2017
ඊජිප්තුවේ වෙඩි තැබීමක් 5 ක් මරුට ඊජිප්තුවේ කයිරෝ නගරය ආසන්නයේ පිහිටි ක්‍රිස්තියානි දේවස්ථායක් ඉදිරිපිට සිදුකළ විවෘත වෙඩි තැබීමකින් නව දෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර පොලිස් නිලධාරියකු ද සිටින බව පැවසේ. 30 December 2017
නිව්යෝර්ක් ගින්නෙන් 12ක් මරුට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බ්‍රොන්ක්ස්හි මහල් නිවාසයක ඇති වූ ගින්නකින් 12දෙනකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. පොලිසිය පවසන්නේ තුවාල ලැබූවන් බරපතල තත්වයේ පසුවන බවයි. මියගිය අය අතර කුඩා දරුවන් හතරදෙනකු ද සිටින බව පැවසේ. 29 December 2017
මුම්බායි ගින්නකින් 14ක් මරුට ඉන්දියාවේ මුම්බායි නගරයේ සාප්පු සංකීර්ණයක ඇතිවූ ගින්නකින් 14දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 29 December 2017
තුර්කිය රුසියාවෙන් එස් 400 මිසයිල පද්ධතියක් මිලට ගනී තුර්කිය ගොඩබිම සිට ගුවනට විදිය හැකි එස් 400 වර්ගය මිසයිල මිලදී ගැනීම සඳහා රුසියාව සමඟ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ. 29 December 2017
ස්පාඤ්ඤයට එන සංක්‍රමණිකයන් තුන් ගුණයකින් වැඩිවෙයි මේ වසරේ දී මුහුදු මාර්ගවලින් ස්පාඤ්ඤයට පැමිණි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව තෙගුණයකින් වැඩි වී ඇතැයි ස්පාඤ්ඤයේ සංක්‍රමණිකයන් සඳහා වූ කොමිසම සඳහන් කරයි. 29 December 2017
තෙවැනි කාර්තුවේ චීනයේ විදේශ ණය ට්‍රිලියන 1.68ක් මේ වසරේ තෙවැනි කාර්තුවේදී චීනයේ විදේශ ණය ප්‍රමාණය සියයට 7.5කින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.68ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට විදේශ විනිමානය පාලනායතනය සඳහන් කරයි. 28 December 2017
කාබුල් නුවර ප්‍රහාරයකින් 40ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බටහිර පිහිටි ශියා සංස්කෘතික හා ආගමික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 40දෙනකු මියගොස් 30දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 28 December 2017
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026