වොෂින්ටන්හිදීය (රොයිටර්)
චීන නිෂ්පාදන මත නැවත වරක් බදු පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර ඇමෙරිකා ජනාධිපතිවරයා එක්සත් ජනපද ඩොලර් බිලියන 200ක වටිනාකමකින් යුත් චීන නිෂ්පාදන මත බදු පැනවීමට සූදානම් බව එම ආරංචි මාර්ග සඳහන් කරමින් ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරියෙක් පැවැසීය.
එම තීරණය අවසන් තීරණය නොවන බවත් අදාළ චීන භාණ්ඩ ලැයිස්තුව අවසන් ලැයිස්තුව නොවන බවත් එම නිලධාරියා කීවේය. එමෙන්ම මහජන අදහස් වීමසීමක් කිරීමෙන් අනතුරුව අදාළ බදු පැනවෙන බව ද හෙතෙම කීය.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම පියවරත් සමඟ ලොව විශාලතම ආර්ථික හිමි රටවල් දෙක අතර ඇති වී තිබෙන වෙළෙඳ යුද්ධය තවදුරටත් උග්‍ර වනු ඇත. ට්‍රම්ප් පරිපාලනය බදු පැනවීමට නියමිත චීන භාණ්ඩ ලැයිස්තුව ප්‍රසිද්ධියට මේ සතියේදී ප්‍රකාශයට පත් කරන බව බ්ලූම්බර්ග් පුවත් සේවය අඟහරුවාදා (10) වාර්තා කර තිබිණි.
ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් දෙදෙනකු උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය ඒ පුවත වාර්තා කර තිබිණි. රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ඉහත නිලධාරියාද එම පුවත තහවුරු කළේය.
ඇමෙරිකා ඩොලර් බිලියන 500ක් වටිනා චීන නිෂ්පාදන මත බදු පනවන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගිය සතියේ ප්‍රකාශ කළේය. එය පසුගිය වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය චීනයෙන් කරන ලද සමස්ත ආනයනවල වටිනාකමට සමාන වේ. මේ අනුව මේ සතිය තුළදී නැවත වරක් චීන නිෂ්පාදන මත බදු පැනවීමක් සිදු කිරීමට නියමිතය.
055
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන නිෂ්පාදන මත ට්‍රම්ප් යළිත් වරක් බදු පැනවීමේ සුදානමක්
මෝඩයා Friday, 13 July 2018 12:03 AM
ඉල්ලන් කන්න වගේ හදන්නේ. චීනය ඇමරිකාව තුළ කර තිබෙන ආයෝජන ඉවත් කරගත්තොත්? ඩොලරය වැටෙනකොට ඉබේම කට ඇරෙයි/වැහෙයි .