( තිළිණි ද සිල්වා)
මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා පළමු මාස 06 තුළ දී ශ්‍රී ලංකාවටඩ පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,164,647 ක් පැමිණ අතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒම අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනුව පසුගිය 2017 වසරේ මුල් මාස හයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 1,010,444 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී මෙවර සංචාරකයින් පැමිණනීම සියයට 15.3 ක ඉහළ යාමකි.
මේ අතර පසුගිය ජූනි මාසයේ දී 146,828 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඉකුත් වසෙර් ජූනි මාසය හා සැසඳීමේ දී එය සියයට 19 ක වැඩි වීමකි.
පසුගිය ජූනි මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව, චීනය හා එක්සත් රජධානිය ෙව්.. එහිදී 2017 වසෙර් ජූනි මාසයට සාපේක්ෂව ඉන්දීය සංචාරකයින් සියයට 18.4 කින්, චීන සංචාරකයින් සියයට 18.7 කින් හා එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 16.1කින් ඉහළ ගොස් ඇත.
ජූනි මාසයේ දී පැමිණි 146,828 ක්වූ සමස්ත සංචාරකයින් ප්‍රමාණයෙන් 3,569 ක් පැමිණ ඇත්තේ මුහුදු මාර්ගයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියදම් නොකරන සංචාරකයින් නං කොච්චර ආවත් වැඩක් නෑ
සංචාරක ව්‍යාපාරයෙන් ලංකාවට ප්‍රයෝජන ගන්න නම්, තරු 0-3 හෝටල් හා නවාතැන් ප්‍රමිති ගත කරන්න ඕනෑ. ගොඩක් තරු 4-5 නොවන නවාතැන්වල සංචාරකයන් තියා ලංකාවේ අයටවත් ඉන්න බැරි තරම් විදියේ තත්වයක් තියෙන්නේ. පිටින් ලස්සනට තිබුණත්, කාමර හා බාත් රූම්වල නඩත්තුව හරි නෑ සහ පිරිසිදුකම මදි. නමුත් මේවගේ ගානේ නම් අඩුවක් නෑ. අනිත් එක පාරිභෝගික සේවාව දුර්වලයි. ඊළඟ කාරණය සංචාරකයන් ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ... ගසා කන්නන් හැම තැනම. සංචාරක පහසුකම් සපයන්නන් ලැයිස්තුගත කර පාලනය කිරීමක් කරන්න ඕනෑ. අපේ කියා බජට් ගුවන් සමාගමක් තියෙන්න ඕනේ. (ධම්මික පෙරේරා මහතාත් මේක කියලා තියනවා) මොන දේ කරන්නත් රටට ආදරය කරන, අනාගතය ගැන හිතා වැඩ කරන, තමන්ගේ සන්තර්පනය ගැන පමණක් නොහිතන පාලකයෝ ඉන්න ඕනෑ.